IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


රජයේ-පෞද්ගලික ආයතන අරඹන වෙලාව සංශෝධනය කරන්න යයි

(ඩයනා උදයංගනී)

කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශයන්හි පවතින අධික වාහන තදබදය අවම කරලීම සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ ආයතන ආරම්භ කරන වේලාවන් සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
 
එම වේලාවන් සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය මගින් අද (9) කමිටුවක් ද පත්කර ඇත.
 
දැනට සේවා ස්ථාන සඳහා වාර්තා කළ යුතු වේලාවන් සහ පාසල් ආරම්භ කරන වේලාවන් ආසන්න කාලසීමාවක් තුළ පැවතීම හේතුවෙන් එම කාලසීමාවේදී නගරබදව අධික වාහන තදබදයක් ඇතිවන නිසා දිනපතා කාලය මෙන්ම සම්පත් ද අපතේ යාමක් සිදුවන බැවින් මෙම පියවර ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (8) පැවති සාකච්ඡාවේදීත් මේ ගැන අවධානය යොමුවූ බවත්, ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බවත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
 
ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී දැනුම්දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ඒ අනුව ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කළ බව ද හෙතෙම කීවේය.
 
ජාතික ගමනාගමන කොමිසම, ලංකා ගමනා ගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක නියෝජිතයින් ද එම කමිටුවට පත් කර ඇති අතර කාර්යාල වේලාවන් සංශෝධනය සම්බන්ධ නිර්දේශ සතියක් තුළ ලබා දිය යුතු බව ඔවුන්ට දැනුම් දී තිබේ.
 
එම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත වැඩිදුර අධ්‍යයනය සඳහා ඉදිරිපත් කිරීමටත් නියමිත බව ද ඇමතිවරයා කීවේය.
ජාතික ගමනාගමන කොමිසම මගින් මේ සම්බන්ධව සමීක්ෂණයක් පැවැත්වීමටත් නියමිත බව කී අමාත්‍යවරයා විශේෂයෙන් පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කර යහපත් ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස එම කමිටුවට උපදෙස් දී ඇතැයි ද ප්‍රකාශ කළේය.
 
                



අදහස් (4)

රජයේ-පෞද්ගලික ආයතන අරඹන වෙලාව සංශෝධනය කරන්න යයි

Gamini Tuesday, 09 June 2020 04:51 PM

අතීසාරයට අමුඩ ගැසීම...

:       1       0

vikum Tuesday, 09 June 2020 08:15 PM

සැබවින්ම මෙය නම් වැදගත් වැඩක්..., දෛනික ඉන්ධන ලක්ෂ කීයක් වාහන පොලිම් නිසා වැය වෙනවද? මාගේ මතකයේ හැටියට පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ ආචාර්යවරයෙක් මේ පිළිබඳ කිසියම් අධ්‍යයන වැඩ පිළිවෙලක් යෝජනා කළ බවක් මතකයි. කෙසේ හෝ මෙය කළයුතු අනිවාර්ය දෙයක් වශයෙන් සිතමි.

:       0       2

Lanka Wednesday, 10 June 2020 01:58 AM

ඇත්තටම ගොඩක් වටිනා වැඩක් මේක. අපි හැමෝගෙම වෙලාව වැඩිපුරම නාස්ති වෙන්නේ පාරට

:       0       2

wicky Wednesday, 10 June 2020 02:58 AM

ඕවගේදී, රජයේ නිවාඩු කියලා දුම්රිය ධාවනය අදාල කරන එකත් නැවත්තුවත් සෑහෙන්න වටිනවා. රජයේ නිවාඩු කියලා අනික් මිනිස්සුන්ට නිවාඩු නැහැනේ. දුම්රිය, බස් වගේ පොදු සේවාවන් වලට වෙනම නිවාඩු ක්‍රමයක් තියෙන්න ඔනී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site