IMG-LOGO

රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ ආධාර අහිමි වෙයි

ඉන්දියාවේ ක්‍රියාත්මක, රාජ්‍ය නොවන සංවිධාන 12,000 කට විදේශ ආධාර ලබා ගැනීම සඳහා පැවැති බලපත්‍ර යළි අලුත් නොකිරීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය පියවර ගැනීමත් සමග, එම බලපත්‍ර අහෝසි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

අසරණ සරණ වෙනුවෙන්, තෙරේසා මව්තුමිය ආරම්භ කළ, කතෝලික සභාව යටතේ පවතින, 'මිෂනරිස් ඔෆ් චැරිටි' රාජ්‍ය නොවන පුණ්‍යායතනය ද එසේ විදේශ ආධාර ලැබීමේ බලපත්‍රය අහෝසි කෙරුණු සංවිධානයකි.

ඊට අමතරව‍ ඔක්ස්ෆෑම්, ඉන්දීය ක්‍ෂයරෝග සම්මේලනය, ජාතික කලා මධ්‍යස්ථානය සහ ඉන්දීය ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධාන රැසකට ද විදේශ ආධාර ලැබීමේ බලපත්‍ර අහෝසි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ හැර, ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට ඔවුන්ගේ බලපත්‍ර අහෝසි වීම සිදුවී ඇත්තේ, ඒවා නිසි කලට යවත්කාලීන නොකළ බැවින් යැයි ද පැවැසෙයි. එසේ බලපත්‍ර අහෝසි වූ සංවිධාන ගණන 5,789 ක් යැයි මාධ්‍ය පැහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (12)

රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ ආධාර අහිමි වෙයි

Raveendra Sunday, 02 January 2022 03:07 PM

දුරදක්නා ඥාණයෙන් රට වෙනුවෙන් ඔවුන් ගත් හොඳ තීරණයක්. "බලපත්‍ර අහෝසි වීම සිදුවී ඇත්තේ, ඒවා නිසි කලට යාවත්කාලීන නොකළ බැවින් යැයි" යන ගිණුමට සියල්ල බැරකර ඒවා අහෝසි කිරීම කොතරම් ඥාණාන්විතයිද...? අප රටේ එසේ වූවා නම් මුලින්ම උඩුබුරන්නේ විපක්ෂ පට්ටියේ හරකුන් සහ NGO ටකරන් මඩු අයිතිකාරයින්..

:       66       35

යෝගා Sunday, 02 January 2022 03:16 PM

ඕක මේ රටේත් කෙරෙන්නම ඕන වැඩක්...!!! 

:       49       34

kapila Sunday, 02 January 2022 03:31 PM

රවීන්ද්‍ර, උඹ රජයේ සේවකයෙක් ද? 2005- 2015 කාලයේ ලංකාවට එන්න තිබුණු ආධාර (ණය නොවේ) ඩොලර් කෝටි ගණනක් නුඹ වගේ අය නිසා ලංකාවට නැති වුණා...

:       26       12

RaveendraSunday, 02 January 2022 04:07 PM

අප දුක්මහන්සි වී උපයන ඩොලර්වලින් තමයි ඍජුවම "ඔබ" ඇතුළු සියලුම ලාංකිකයින් කුසගින්න නිවාගන්නේ.. අප රටේ තිබෙන කිසිඳු ගොන්, තකතීරු (රතු, කොළ, නිල්) පක්ෂයක පක්කලියන් නොවෙන්නෙමු. තවද අප උපන් අපේ රටට එක සතේක ණයක් නැති මිනිසුන්ය...

:       6       25

SenakaSunday, 02 January 2022 08:05 PM

රිදිච්ච ඩොලර් කාක්කෙකුගේ අඳෝනාව. ඔය හම්බෙන ඩොලර් වලින් නුඹලා කරන්නේ රටට හොඳ මූණ පෙන්නගෙන රටට වින කරන එකමයි. අනේ අපි නොදන්න NGO...

:       6       14

fairoos Sunday, 02 January 2022 03:33 PM

රවීන්ද්‍ර වගේ වහල්ලුන්ට මේවා හොඳයි.

:       25       13

RaveendraSunday, 02 January 2022 04:21 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. අප වෙනත් රටවල වහල් සේවයේ යෙදෙන්නන්ය. එබැවින් අපට වහලුන් ලෙස ඔබ විසින් ආමන්ත්‍රණය කිරීම පිළිබඳව අපගේ සිත්වල කිසිඳු කහටක් නොමැත. එසේම අප විදේශ රටවල වහල් සේවය කරමින් අනෙකවිධ දුක් ගැහැට විඳ උපයන ඒ ඩොලර්වලින් තමයි ඔබ ඇතුළු සියලුම ලාංකිකයින් (දියවන්නාව 226ත් ඇතුළුව, ඔබ වඳින පුදන පක්ෂයේ අයද ඇතුළත්ව) බඩගින්න නිවාගන්නේ බව ඉතාමත් ආඩම්බරයෙන් ඔබට සඳහන් කරන්නෙමු. එනමුත් අප වහල් සේවයේ යෙදෙන්නන්ය. අප ගෝඨාභයගේ හෝ රනිලාගේ හෝ මෝඩ පුතාණෝගේ හෝ දියව් දියව් හැම රෙද්දම දියව් කියන කළුකුමාරයාගේ පක්ෂයේද පක්කලියන් නොවන්නෝය. අපට කවුරු දියවන්නාව පට්ටියේ බලය ලබාගත්තත් අදාළ නොමැත. මොකද ඔක්කොම කන්නේ බොන්නේ වහල් සේවයේ යෙදෙන ඔබ විසින් ආමන්ත්‍රණය කළ වහලුන් වන අපගේ රීරි මාංශයයි. ඔබ වඳින පක්ෂයේ අය ගිලින්නේත් අපේ රීරි මාංශයයි. මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව fairoos මයාට කියවීමට හැකි වේවා...!!! 

:       7       32

BamunuarachchiSunday, 02 January 2022 08:38 PM

ඔබේ ඔය වචන සෙට් එක හම්බයින්ට සුදුසු නැහැ. වහලා කියන වචනෙට සමාන වචනය හම්බයා. ගහන්න ඕනේ තැනදී ගහන්න. ඔබ බොක්සිං ක්‍රීඩාව කර හෝ දැකලා තිබෙනවා නේද?

:       33       6

සමරේMonday, 03 January 2022 05:06 PM

රවීන්ද්‍ර මේ කරලා තිබෙන පැහැදිලි කිරීම 100%ක් හරි... මමත් ඔය කියන ජාතියේ වහලෙක් තමයි. පිටරටක අනුන් යටතේ වැඩ කරන්නේ. හොඳට ඩොලර් වලින් හම්බ කරාට, උසස් කියලා කොයි රටේත් පිළිගන්න රැකියාවක් කරාට ඒ හම්බ කරන මුදල් තොගපිටින් එවන්නේ ලංකාවට... අදත් ඩොලර් ලක්ෂ ගාණක් තැන්පත් කරලා තිබෙනවා රටේ විදේශ සංචිත ගොඩ නැගීම සඳහා උදව් ඉල්ලපු නිසා. Fairoos විතරක් නෙවෙයි. අපි අපේ රටට ආදරය නිසා කියන කරන දෙයට අපට වහල්ලු කියන අයට රටක් තිබෙන්නේ අප වගේ වහලුන් නිසා තමයි. අපි NGO කාක්කන් වගේ රට විකුණාගෙන කන්නේ නෑ. රටට බරක් වෙන්නෙත් නෑ. අපට දේශපාලන පක්ෂ වලින්ද වැඩක් නෑ. හොඳ දෙයට හොඳයි කියන්නත් වැරදි දෙයට වැරදියි කියන්නත් කොන්දක් තියෙනවා. කියලත් තිබෙනවා.

:       0       1

කිරි පුතා Sunday, 02 January 2022 04:22 PM

බොහෝ N.G.O. සංවිධාන රටවල්වලට කරදරයක්. ඔවුන් පෙන්වන්නේ සුදු මුහුණක්... නමුත් ක්‍රියාව වෙනත් දෙයක්. ඉන්දියන් රජය එය හඳුනාගෙන ඇති හැඩයි.

:       5       20

ravin Sunday, 02 January 2022 06:40 PM

දේශීයව හා විදේශීයව ඔත්තු බැලීම උදෙසා යොදාගැනෙනුයේ ස්වේච්ඡා සංවිධානයයි. මෙය මම දන්නා හැටියට පළමු ලෝක මහා සංඝරත්නයේ පටන් යොදා ගන්නා ක්‍රමවේදයකි..

:       0       9

RaveendraSunday, 02 January 2022 09:36 PM

NGO බින්නබැහැ සිටින ලෝකයේ කිසිදු රටක් දියුණුවීම කෙසේ වෙතත් නන්නත්තාර කර ඇති බවට ඕනා තරම් උදාහරණ ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site