(යොහාන් භාසුර)
ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ටිරාන් අලස් මහතා එසේ ප්‍රකාශ කළේය.
පසුගිය කාලය පුරාවට රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වූ බව කී අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සොයන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර NGO තහනම් කරන්න තිබුනේ බොහොම කලින්. කිය කිය ඉන්න එපා කරන්න. කරලා අපිට කියන්න.
රාජ්‍ය වෙන සංවිධාන වල තිබෙන අවුල් ඉස්සර වෙලා බැලුව නම් නේද වඩා හොඳ?
අඩු තරමින් මතවාදීමය වශයෙන් හෝ NGO හා සමපාත වන ජනාධිපති වික්‍රමසිංහ ගෙන් ඊට ඉඩක් ලැබේ ද? කුප්‍රකට ඇන්ජීඕ කරැවන් වන පාක්‍යසෝති සරවනමුත්තු, ජෙහාන් පෙරේරා, නිමල්කා ප්‍රනාන්දු සහ සමාගමෙන් ඔබට අකුල් හෙලීමක් නොවන බවට ඇති සහතිකය කුමක්ද?
තීන්දු කලා, තීන්දු ගත්තා, හරි ලස්සන වචන ටිකක් බ්‍රෝ. වැඩේ කලා කියලා කවමදාකවත් අහලා නෑ බ්‍රෝ.
RIP - ආරන් ටිලස් ඇතුලු ජන පීඩක පාලකයන් හැම අපාගත වේවා
දැන් මෙහම පොම්බෝරි ගැහුවට, ඔවුන්ට ඕන වෙලාවට අයින්කරගන්නවා. මෙහම තමයි මේ ආණ්ඩුව කටාර් අරමුදලට ත්‍රස්තවාදී අරමුදල් කියල තහනම් කරලා, අවසානයේ ආණ්ඩුවට තෙල් ගෙන්න ඩොලර් නැති වුනාම, කටාර් රජ්ජු ගාව දන ගහමින් සමාවත් ඉල්ලලා එම තහනමුත් ඉවත් කළා. මේ රටේ පාලකයෝ කවදත් බුද්ධිමත් සහ විද්‍යාත්මක තීන්දු තීරණ අරන් නැහැ.
එහමම රාජ්‍ය බැංකුවලට පොලු දාපු පොලුකාරයන්ටත් දැඩි තීරණයක් ගත්තුත් හොඳයි.
අල්ලි රජා සුභාෂ්කරන් කියන්නේ NGO ද නැද්ද ?