
(අංජුල මහික වීරරත්න)
දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දෙමින් ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, නීති රීති සම්පාදනය සහ නියාමනය රජය විසින් සිදු කරනු ලබන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) නියෝජිතයන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී මතුව ඇති අභියෝග සහ ගැටලු පිළිබඳව මෙහිදී එම නියෝජිතයෝ ලිඛිතව ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, ඊට අදාළ යෝජනාද ඉදිරිපත් කළහ.
රාජ්‍යය නූතනත්වයට ඔසවා තැබීම කෙරෙහි මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එහිදී රාජ්‍ය සේවයට අවශ්‍ය නවීන තාක්ෂණය සහ පහසුකම් ලබා දීම මෙන්ම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ කෙරෙහිද විශේෂ අවධානයක් යොමුව තිබෙන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලොකු වැඩ කරන්න ඉස්සරලා, ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල නිලධාරීන් මිනිස්සුන්ව රස්තියාදු කරවන සෙල්ලම නවත්වන්න. ඉස්පිරිතාල වල සේවකයින් මිනිස්සුන්ට බනින එක හිරිහැර කරන එක නවත්තන්න! උසාවි වල නඩු අහනවා අවුරුදු ගාණක් මිනිස්සු දනගස්සලා කාලය ධනය හිතුමතේ නාස්ති කරන එක නවත්වන්න! ලක්ෂ ගණන් පඩි දීමනා ගනිද්දි තවත් ඉල්ලලා කරන වර්ජන කරන අයව එලවා දමන නීති රීති ගෙනැවිත් ක්‍රියාත්මක කරන්න.! ලොකු වැඩ කරන්න ඉස්සර පොඩි දේවල් ටිකක් කරලා පෙන්නන්න...
දැන් නම් බොරු කියනවා නෙවෙයි, විදිනවා.