IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රජය දවසකට කෝටි 1050 ක් ණය වේ

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා රජයට සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 1050 ක පමණ මුදලක් ලෝකයට ණයවීමට සිදුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය.

රජයේ මේ වසරේ දිනක ආදායම ( ලැබීම්) රුපියල් කෝටි 653 ක් වන අතර දිනක රජයේ වියදම කෝටි 1705 ක් බවද මහාචාර්යවරයා කීවේය.

මේ අතර අයවැය ලේඛනය අනුව රජයේ ලබන වසරේ දිනක ආදායම රුපියල් කෝටි 950 ක් බව පැවසූ අතුකෝරළ මහතා ලබන වසරේ රජයේ වියදම කෝටි 2160 ක් දක්වා වැඩිවන බවද ප්‍රකාශ කළේය.

රජයේ ආදායම ලබන වසරේ මෙලෙස වැඩි වන්නේ බදු අයකිරීම් වැඩිවීම නිසා බවද හෙතෙම පැවසීය.

මේ අනුව ලබන වසරේ දිනක රජයේ ණය ගැනීම් ප්‍රමාණය කෝටි 1364 දක්වා ඉහළ යනු ඇතැයි ඔහු සඳහන් කළේය.

රජයේ ආදායම සහ වියදම අතර පරතරය විශාල වශයෙන් වැඩිවෙමින් පවතින බවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වැරදි දිසාවකට ගමන් කරන ආකාරය ඉන් පෙන්නුම් කෙරෙන බවත් වසන්ත අතුකෝරල මහතා කීවේය.

මේ අතර එක් පුද්ගලයකු වෙනුවෙන් රජය මේ වර්ෂයේ දී දිනකට ගන්නා ණය ප්‍රමාණය රුපියල් 473 කි. එය පසුගිය වර්ෂයේදී පැවතුණේ රුපියල් 371 ක් වශයෙනි.

රජයට ලබන වසරේදී එක් පුද්ගලයකු වෙනුවෙන් ගැනීමට සිදුවන ණය ප්‍රමාණය රුපියල් හයසිය නවයක් දක්වා වැඩිවන බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (6)

රජය දවසකට කෝටි 1050 ක් ණය වේ

විජේ Sunday, 27 November 2022 08:14 AM

ඔබතුමා පරිස්සමෙන් ඕවා කියන්න, දන්නවනෙ අපේ ජනතා නියෝජිතයන්ගෙ හැටි.

:       1       9

මුදියන්සේ.... Sunday, 27 November 2022 09:12 AM

අනේ මහාචාර්ය තුමෝ , මේ ණය බර ගැන රටේ මොන්ටි සෝරි දරුවන් පවා දන්නා දෙයක්නෙ. තවත් බණ දේශනා නොකර වැටී ඇති වලෙන් ගොඩ ඒම පිනිස ඔය මහාචාර්ය මොලෙන් යම් විසදුමක් සෙවීමට බලන්න. ඒ සදහා රටේ පාලකයින්ට උපදෙසක් ලබා දෙන්න. පවතින ණය බර පෙන්වා දීමෙන් ඵලක් නැත. මන්ද රට මෙවන් තත්ත්වයකට පත්ව ඇත්තේ ජනතාවගේ වරදින් නොව රට පාලනය කළ වුන්ගේ වැරදි නිසාවෙනි.

:       5       6

Deepal NiroshSunday, 27 November 2022 02:45 PM

සම්පූර්ණ ඇත්ත, මේ අයගේ වගකීම සංඛ්‍යා ලේඛන ගෙනහැර දැක්වීම නොවෙයි. මේ අර්බුදයෙන් ක්‍රමානුකූලව මිදීම සඳහා ගතයුතු ප්‍රායෝගික පියවර රජයට ඉදිරිපත් කිරීමයි. උදාහරණ වශයෙන් ඉන්ධන නිකුත් කිරීමට අදාළව දැනට ක්‍රියාත්මක විද්‍යුත් සලාක ක්‍රමවේදය (QR code) අඛණ්ඩව ඉදිරියට පවත්වා ගැනීම එක් පියවරක්...

:       0       2

pathiSunday, 27 November 2022 09:19 PM

සංඛ්‍යා ලේඛන නැතුව වැඩකරන නිසා තමයි මෙහෙම වෙන්නේ. ඒවාට දත්ත හදාගෙන වැඩ කරානම් මෙහෙම වෙන්නේ නෑ.. අනිත් එක ඒ දත්ත දවස් කීපයකට සීමාකරලා අත ඇරලා හරියන්නේ නෑ. පරිශීලනය කරමින් අවදානෙන් අනතුරු ඇඟවීම් ඇතුව වැඩකළානම් මෙහෙම අනතුරුදායක තත්වෙකට රට පත්වෙන්නේ නෑ..!

:       0       1

pakeer Sunday, 27 November 2022 03:54 PM

මම හිතන්නේ මේක ඇත්තක් නම් ඉතාම හොඳ දත්තයක්. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් මෙන්න මේක බැලන්ස් කරන්නේ කොහොමද කියලා හිතන්න. ඉන් පස්සේ පුළුවන් මේ තත්ත්වනය පාලනය කරන්න සහ වෙලා තියන ණය ගෙවන ක්‍රමවේදයකට එන්න. හැබැයි ියැබ පාලකයෝ දක්ෂ වගේම අවංක ‌සද්භාවයෙන් ඉදිරියට ඒන්න ඔ්නි.

:       0       3

Amal Sunday, 27 November 2022 09:58 PM

දන්නේ අංක ටිකක් කියවන්න විතරයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site