IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


රජය තොරතුරු පනතේ නියාමනයට පිටුපාලා - වෙරිටේ

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය වසරේ සහ මෙම වසරේ ක්‍රියාත්මක වූ රුපියල් ට්‍රිලියන 3 ආසන්න වටිනාකමින් යුත් ව්‍යාපෘති 83 ක ප්‍රසිද්ධ කළ යුතු තොරතුරුවලින් වැඩි ප්‍රමාණය රජය විසින් ප්‍රසිද්ධ කර නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

විමසා සිටින්නට කලින් තොරතුරු ප්‍රසිද්ධ කර තිබිය යුතු බවට නියම කර තිබුණත් එය අනුගමනය නොකිරීමෙන් රජය තොරතුරු දැනගැනීමේ පනතේ නියමයන්ට පිටුපා තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.

මාර්ගගතව තොරතුරු ප්‍රසිද්ධ කිරීම පිළිබඳව වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ පර්යේෂණයේදී පසුගිය වසරේ ක්‍රියාත්මක වෙමින් පැවති ව්‍යාපෘති 60 ක් සම්බන්ධයෙන් විමසා බලා ඇති අතර එහිදී එම ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කළ යුතු තොරතුරුවලින් සියයට 82 ක්ම ප්‍රසිද්ධ කර නොමැති බව හෙළි වී ඇත.

මෙම වසරේ ආවරණය කළ ව්‍යාපෘති 60 න් 37 ක් පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වෙමින් තිබූ පරණ ව්‍යාපෘති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු අමාත්‍යංශ සහ අදාළ ආයතන වෙබ් අඩවිවල, ව්‍යාපෘතිවලට අදාළ තොරතුරු ප්‍රසිද්ධ කර තිබීම සහ නොතිබීම පදනම් කර ගනිමින් මෙම අගයන් වෙරිටේ රිසර්ච් ආයතනය ලබා දී ඇත.

තොරතුරු ප්‍රසිද්ධ කරන විට සිංහල සහ දෙමළ භාෂාවට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව තොරතුරු දැනගැනීමේ පනත මගින් නියම කර ඇතත් 2022 වසරේ ආවරණය කරන ලද ව්‍යාපෘති 60, ප්‍රසිද්ධ කර තිබෙන තොරතුරුවලින් සියයට 18 ක් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇති බවත් සිංහල භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇත්තේ සියයට 5ක් පමණක් බවත් දෙමළ භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇත්තේ සියයට 4 ක් පමණක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාව නොදන්නා සියයට 69 කට එමගින් ව්‍යාපෘති පිළිබඳව තොරතුරු දැනගැනීමට ඇති අයිතිය අවහිර වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසා ඇත.

 



අදහස් (1)

රජය තොරතුරු පනතේ නියාමනයට පිටුපාලා - වෙරිටේ

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Friday, 01 September 2023 10:16 AM

දිවි හිමියෙන් හෝ ආරක්ෂා කරගත යුතු කොමිෂන් සභාවකි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 268 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site