IMG-LOGO

‘රජය එක් මතයක නෑ‘

(නිමල කොඩිතුවක්කු)

රජය එක් මතයක්  තුල ක්‍රියා නොකිරීම ආර්ථිකයේ බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වූ බව සාධාරණ සමාජයක් සඳහා  වන  ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය මහතා කොළඹදී පැවසීය.

හිතුවක්කාරී නොවී විශේෂඥ උපදෙස් මත සියලු දෙනාගේ සහයෝගයෙන් රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොළඹ දී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

"එදිනෙදා ජීවිතයේ සෑම අංගයක්ම විකෘති වී රටත්, ජනතාවත් අති මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන ආකාරය දකින විට අපට විශාල කනගාටුවක් හා වේදනාවක් දැනෙනවා.

ඉන්ධන නොමැතිව, සිමෙන්ති නොමැතිව, ගෑස් නොමැතිව, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර හිඟයෙන් බැට කන ජනතාවගේ අඳෝනාව අපට ඇහෙනවා. දැනෙනවා. පෝලිම් වල සිටීම නිසා පවුල් සංයුතිය බිඳ වැටී තියෙනවා. මෙය විශාල ඛේදවාචකයක්.

රජය විද්වත් උපදෙස් පිළි ගත්තේ නම්, ඥානාන්විතව නිසි වේලාවට නිසි පියවර ගත්තේ නම්, මේ අවාසනාවන්ත තත්වය ඇති වන්නේ නැහැ. දැඩි විදේශ සම්පත් අඩු වූ විට රටේ බහුතර මතය වූයේ ඩොලර් මිලියන පන්සීයක ණය මුදල එකවර නොගෙවා පොලිය පමණක් ලබාදී ණය මුදල ගෙවීම සඳහා අන්තර්ජාතික අරමුදල හෝ වෙනත් ආයතනයකින් උපදෙස්  ලබාගන්නා ලෙසයි. 

ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා, ඇතුළු මැති ඇමතිවරුන් මාර්තු 5 වන දායින් පසු විදුලි කප්පාදුවක් නොවන බවට ප්‍රතිඥාවක් ජනතාවට ලබා දුන්නා. එම පොරොන්දුව බලපෑවේ පැය කිහිපයකට පමණි. දැන් පැය 7 ක විදුලි කප්පාදුවක් සිදුවෙනවා.

රාජ්‍ය නායකයා පොරොන්දු කඩ කළ විට ජනතා විශ්වාසය පිරිහී නායකවරයාගේ කීර්තිනාමයට හානි වෙනවා. එමෙන්ම ඉදිරි පොරොන්දු කෙරෙහි විශ්වාසය ද නැති වීම වැළැක්විය නොහැකියි. ඉදිරියේදීවත්, පොරොන්දු දෙන විට ස්ථිර ඉටුකළ හැකි කරුණු ගැන කතා කිරීම යෝග්‍ය බව අපගේ විශ්වාසයයි.

අපිට මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට පුළුවන්. ලෝක යුද්ධයෙන් අළු බවට පත් වූ රටවල්, බලවත් රාජ්‍යයන් බවට පත්වූයේ ජාතික එකඟත්වයකින් කටයුතු කළ නිසයි. ඒ සඳහා  ජර්මනිය හා ජපානය ආදර්ශයට ගත හැකියි.

පටු චේතනාවෙන් කටයුතු නොකර දැන්වත් මිත්‍රත්වයේ හස්තය ජනතාවට දිගු කරන ලෙස රජයට කියා සිටිනවා. 



අදහස් (0)

‘රජය එක් මතයක නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 426 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site