(දයාසීලි ලියනගේ)
රජයේ ලබා දී ඇති උපදෙස් නොසලකා බොහොමයක් පළාත් සභාවල හිතුමතේ නිලධාරීන් සේවයට යොදවා ඇති බව විගණන අංශය පෙන්වා දී ඇත.
ඇතැම් ආණ්ඩුකාරවරුන්ගේ හිතවත්කම් මත විශ්‍රාමික නිළධාරීන් මෙලෙස සේවයට යොදවා ඇති අතර මොවුන් විශ්‍රාම වැටුපට අමතරව මෙම තනතුරු වලින් තවත් දීමනාවක් ලබන බව පෙන්වා දෙයි.
උදාහරණයක් ලෙසට බස්නාහිර පළාතේ විශ්‍රාම ගිය නිලධාරීන් දසදෙනෙක් නාගරික කොමසාරිස් තනතුරුවලට පත්කර ඇති බව අනාවරණය වී ඇත.
රටේ පවතින ආර්ථික අර්බුදතා හමුවේ වියදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසට නියම කර තිබියදී මෙලෙස විශ්‍රාම ගිය නිලධාරීන්ට තවත් වැටුපක් ලබා දෙමින් සේවයට යොදවා තිබීම පිළිබඳව මුදල්අමාත්‍යංශයේ අවධානය යොමු විය යුතු බවට විගණන අංශ පෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ පළාත් සභා වෙබ්සයිඩ් වලට ගියාම ඔවුන් ඉන්නේ වෙනම රජයන් වගේ කියලා පේනවා. මේවා රජිව් ගාන්ධි ඇතිකළේ රට විනාශ කරන්න. අපේ හිටපු මෝඩ හැත්ත හිස්මුදුනින් ඒක පිළිගත්තා.. දැන්වත් මේ මරාලය සුනුවිසුණු කරන්න ඕනෑ.. නැත්නම් රටේ පැවැත්මක් නැහැ.!
නැතුව නැතුව ඒවා ලංකාවේ තියෙන වෙනත් ආණ්ඩු නොවැ. සබරගමුව ෆෙඩරල් ආණ්ඩුව, දකුණ, බස්නාහිර, නැගෙනහිර හා ඌව වෙනම ආණ්ඩු, උතුරු මැද හා වයඹ රජයේ කාර්‍යාල මධ්‍යම පළාතට මොකුත් නැහැ. එකිනෙකා ලොක්කන් වෙන්න බෙදිලා තියෙන්නේ ඒ වගේම උතුරු පළාතත් එහෙමයි. ඉතින් බොරුනම් ඔවුන්ගේ අන්තර්ජාලය බලන්න. එහෙම ආඩම්බර කාර අප්පච්චිලා කවුරු හෝ කියන දෙයක් අහයිද? ඔවුනොවුන් එක්කලා මේ රට වලපල්ලට යනවා මිස ගොඩ ඒමක් නම් නැහැ...!
උතුරු මැද පළාතේ නිලධාරීනුත් විශ්‍රාමිකයන්ට නැවත සේවා ලබා දී තියෙනවා.
රටේ ජනතාවට පටි තද කර ගැනීමට සිදුව ඇතත් හිල් සිදුරු එලෙසින්ම පවතී.