(සුජිත් හේවාජුලිගේ )
නවගමුව පෙරහර සජීවී ලෙස විකාශනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැරි රාජ්‍ය අමාත්‍යවරියට එම හිග මුදල ගෙවන ලෙසට සිහිකැඳවීම් ගණනාවක් කර ඇතත් තවමත් එම මුදල ගෙවා නැතැයි ජාතික රූපවාහිනි සංස්ථාව පවසයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ප්‍රසාද් සමරසිංහ මහතා පැවසූවේ රාජ්‍ය අමාත්‍යවරිය එම මුදල නොගෙවීමෙන් සංස්ථාවට ලොකු ගැටලුවක් මතු වී ඇති බවයි.
ඇය මෙම රූපවාහිනී සජීවී විකාශනය ලබාගෙන තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මස පැවැති නවගමුව පෙරහර සඳහා යැයි කියති.
එම සජීවී විකාශනය ලබාදී තිබුණේ විකාශනය සඳහා වැයවන මුදල තමාගේ අතින් ගෙවන බවට ඇය රූපවාහිනි සංස්ථාවට ලිඛිතව දැන්වීමෙන් පසුව බව පැවසේ.
මේ සම්බන්ධයෙන් සංස්ථාවේ ගිණුම් අංශයේ උසස් නිලධාරියකු පැවසුවේ එම හිඟ මුදල නොපමාව ගෙවීම් නොකළහොත් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.
මේ අතර මෙම හිඟ මුදල වහාම අයකර ගැනීමට කටයුතු කරන ලෙසට රූපවාහිනි සංස්ථාවේ සේවකයෝ පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද බොලේ මේ ඇලිස්?
කවුද ඔය කියන රාජ්‍ය ඇමැතිනි?
රූපවාහිනියේ මහත්වරුනේ, ටිකක් ඉවසන්න. එයාගේ කාලය තව මාස කීයද? ඊට පස්සේ එයාව උසාවියට අරගෙන ඇවිල්ලා, නඩු අහලා, සාරියෙන්ම අමුඩයක් ගස්සලා, බලු කුඩුවේ දමනවා.
ඇයි මේ රාජ්‍ය ඇමැතිනිට නමක් නැත්ද?
රුපවාහිනී සංස්ථාව කියන්න රාජ්‍ය ඇමැතීන්ගේ අප්පුච්චා ගෙන් ආපු භූදලයක් ,එයාලා කොහොමද ඔය උත්ත්මාවියට විරුද්ධව නඩු දාන්නේ
තවත් නඩු දාන්න එපා... රනිල්ට තමයි කරදර... එයාගේ අන්තිම?නඩුවත් රනිල් නිසා ගොඩ ගියා.. නැතිනම් එයා ආයෙ මේ වෙලාවට රටෙනුත් පැනලා...