
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ආයතන විසින් ප්‍රදානය කරනු ලබන ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සීමා සහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මක වන පැලවත්ත හා සෙවනගල කර්මාන්ත ශාලා මඟින් දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 56,000 ක් පමණ වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන අතර, උක් වගාවේ සාරවත් අස්වැන්න හේතුවෙන් මෙම වර්ෂයේ දුඹුරු සීනි නිෂ්පාදනය එම සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, ගුණාත්මක භාවයෙන් ඉහළ දේශීය නිෂ්පාදනයක් වන දුඹුරු සීනි මෙරට ජනතාව තුළ තවදුරටත් ප්‍රචලිත කිරීම මඟින් දේශීය දුඹුරු සීනි කර්මාන්තය තිරසරව සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. එමෙන්ම, එම කර්මාන්තශාලා වල සේවයේ නියුතු සේවකයන්, මෙම කර්මාන්තයෙන් යැපෙන දේශීය උක් ගොවීන් මෙන්ම එම නිෂ්පාදන කර්මාන්තයට සෘජු හා වක්‍ර සේවා සපයන්නන් රැක ගැනීම පිණිස දුඹුරු සීනි නිෂ්පාදන සඳහා දේශීය වෙළෙඳ පොළ තුළ විකුණුම් අවස්ථා වැඩි කර ගැනීමේ අවශ්‍යතාව ද හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රජයේ රෝහල් වැනි රාජ්‍ය ආයතනයන් සඳහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ සීනි සැපයීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්‌ය කිරීමටත්, සීමා සහිත ලංකා සතොස විසින් සෘජුවම සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ දුඹුරු සීනි මිල දී ගෙන පාරිභෝගිකයින්ට අලෙවි කිරීමටත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය ආයතනවලට දුඹුරු සීනි අනිවාර්ය කරයි
Kapila Tuesday, 14 October 2025 07:57 PM
රාජ්‍ය සේවයේ වැඩ නොකර පඩි ගන්න අය වැඩියි. එහෙම ඉන්නකොට රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. විකල්පයක් ලෙස දුඹුරු සීනි දෙන එක හොඳයි...
සුසිල් Tuesday, 14 October 2025 08:30 PM
ලංකා දුඹුරු සීනි නම් කමක් නැහැ. ආනයනික ඒවා නම් ලංකාවට ගෙන්වන්න දෙන්නත් එපා. ඒවා වර්ණගන්වලයි තියෙන්නේ. පිලිකා කාරකයි. සුදුසීනි වලට වඩා මිලෙන් වැඩි හේතුවත් වර්ණගැන්වීමට යන මූලික වියදම වියයුතුයි...