
(ජේ.ඉඳුරුවගේ)
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විවිධ ආයතන විභාග වෙනුවෙන් රාජ්‍ය ආයතන 17 කින් අයවිය යුතු රුපියල් 413,741,500(හතලිස් එක් කෝටි තිස් හත් ලක්ෂ හතලිස් එක් දහස් පන්සියයක මුදලක් විභාග දෙපාර්තමේන්තුව මගින් අයකර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
2023.12.31 දිනට සමාලෝචිත වර්ෂයේ පැවැත්වූ ආයතන විභාග වෙනුවෙන් ලැබිය යුතු මෙම මුදල 2024 ජූලි මාසය දක්වාත් අයකර ගෙන නොතිබූ බව විභාග දෙපාර්තමේන්තුවට අදාල විගණන වාර්තාවක කළමනාකරණ දුර්වලතාවලට අදාල විගණන නිරීක්ෂණ යටතේ සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදාල ආයතන වෙත ලිපි යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව විගණනයට ලබා දුන් පිළිතුරේ සඳහන්වේ.
මෙම මුදල කඩිනමින් අයකර ගැනීමට ප්‍රමාණවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව විගණන කාර්යාලය මගින් විභාග දෙපාර්තමේන්තුව වෙත විගණන නිර්දේශ ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාග වෙනුවෙන් අදාල අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මෙන්ම පළාත් සභා විභාග ගාස්තු අයදුම්කරුවන්ගෙන් අයකර තමයි අයැදුම්පත් ඉදිරිපත් කරන්නේ... ඒත් එම මුදල් විභාග දෙපාර්තමේන්තුවට නොඑවන නිසා තමයි ගැටළුවක් වෙන්නේ ඒ නිසා අදාල ආයතන එකතුකරන මුදල් අයැදුම්පත් සමග නැත්නම් මුදල් ලැබෙනතුරු විභාග පැවැත්වීම කල් දැමීම හෝ අයැදුම්පත් සඳහා ගාස්තු කෙලින්ම විභාග දෙපාර්තමේන්තුවේ ගිණුමට බැර කිරීමට නියම කරන්න. එහෙම නැත්නම් විශේෂයෙන් පළාත් සභා ආදියේ නම් අතපසු වීම අනන්තවත් වෙනවා. ඔය අතර ලේඛන දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම් සඳහා විවෘත හා සීමිත විභාග එකක් ලෙසට පවත්වා අනුපාතිකව බඳවා ගන්නවා කියනවා. බාහිර අයට විෂය නිර්දේශ වෙනසක් විය යුතු වුණත් එහෙම කරන්නේ නැහැ. හරිම අසාධාරණයක් වෙනවා... ඇහුවාම කියන්නේ රාජ්‍ය සේවා කොමිසම කියන්නේ එහෙම කියලා තමයි. ඒත් ඒක කෙසේවත් පිළිගන්න බැහැ. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිසිම පුහුණුවක් නැති අය කියලා රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරි කෙනෙක් හැටියට හිටපු මට කියන්න පුළුවන්...!
එච්චර පොලු තියනකන් බලධාරීන් පොල් ගෑවාද?
මොනවා කරන්නද , දුර්වල රාජ්‍ය පාලනයක් තියෙන විට ඔහොම තමයි. ඉක්මනින්ම වෙනස් කළයුතු තැනක්...!