IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රාජ්‍ය අංශයේ ආරවුල් වළක්වන්න යාන්ත්‍රණයක්

(අංජුල මහික වීරරත්න) 

රාජ්‍ය අංශයේ ආරවුල් වැලැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීම සඳහා 2023-11-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව, ආරවුල් නිරාකරණය කිරීම සඳහා වන යාන්ත්‍රණය සමස්ත රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2024 නිකුත් කර තිබේ. 

ඉහත සඳහන් අමාත්‍ය මණ්ඩලය තීරණය මඟින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික සහ විශේෂඥ සහාය ලබා ගැනීමට අනුමැතිය ලබා දී ඇති අතර, එකී යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ගේ සාමය ගොඩනැගීමේ අරමුදලින් ව්‍යාපෘති ආධාර ඉල්ලා ඇත. 

ඒ අනුව, " ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය" නැමති නව ව්‍යාපෘතිය යටතේ "රාජ්‍ය සේවයේ සමාජ කතිකාවත වැඩසටහන " සහ "පෞද්ගලික හා අවිධිමත් ආර්ථීක අංශ දෙකෙහි සමාජ කතිකාවත ප්‍රවර්ධන වැඩසටහන" යනුවෙන් වැඩසටහන් දෙකක් සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 2 ක් ලබා දී තිබේ. 

එකී වැඩසටහන් අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ සම සභාපතිත්වයෙන් යුතු අන්තර් සමායෝජන කමිටුවක් මඟින් සම්බන්ධීකරණය කරමින් 2024-2026 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කරමින් අධිකරණ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරැ අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.



අදහස් (0)

රාජ්‍ය අංශයේ ආරවුල් වළක්වන්න යාන්ත්‍රණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site