(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස කටයුතු කළ 36 දෙනකු අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් ලෙස පත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
අතිරේක ලේකම්වරුන් ලෙස පත් කෙරෙන රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම් ධුරයට හිමි වැටුප් හා අනෙකුත් පහසුකම් හිමිවනු ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව රාජ්‍ය අමාත්‍ය ධුර අහෝසි වූ බැවින් රාජ්‍ය ඇමැතිවරුන්ට පවරා තිබූ බලතල හා කාර්යන් කැබිනට් ඇමැතිවරයාට පැවැරිණි.
පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන මෙම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සේවය කැබිනට් අමාත්‍යාංශ කටයුතුවලට ලබාගත යුතු බැවින් ඔවුන් එලෙස අතිරේක ලේකම්වරුන් ලෙස පත් කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළපුරුදු කියන්නේ මේ රට බංකොලොත් වුනු ගානට ගේන්න වැඩකරලා ලබපු පලපුරුද්දනේ නේද?
මා පුද්ගලිකවම අත්දැකීමෙන් දන්නා දෙයකි මෙහි ලියන්නේ. බොහොමයක් මෙම පළපුරුදු ජ්‍යෙෂ්ඨ යයි සලකන නිලධාරීන් ඇත්ත වශයෙන්ම අකාර්යක්ෂම නිලධාරීන් වෙති. ඉන් සමහරක් දූෂිත නිලධාරීන්ද වෙති. චන්දිම මහතා ලියා ඇති පරිදි මේ රට බංකොලොත් වුනු ගානට ගේන්න මොවුන් සිදුකල සේවය අති මහත්ය.
මේ තනතුරුවලට පත් කරන්න විශ්‍රාමික හමුදා නිලධාරීන් හොයා ගන්න බැරි වුණාද?
ආණ්ඩුව විසුරුවල දැන් ගොඩක් කල්. ඇයි මෙක දැන් කරන්නෙ?