(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත්කරනු ලැබූහ.

ග්‍රාමීය කුඹුරු  හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන   රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ ජී විජේසිරි මහතාත්  කජු ගම්මිරිස් කුරුඳු කරාබු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ඩී පාඩිකෝරල මහතාත් පත් කරනු ලැබ සිටිති.

මෙම ලේකම්වරු දෙදෙනා  ජනාධිපතිවරයා අතින් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පත්වීම් ලිපි ලබා ගත්හ.

කේ ජී විජේසිරි මහතා පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර එස්.ඩී පාඩිකෝරල මහතා තිරිකුණාමල දිස්ත්‍රික් ලේකම්වරයා  ලෙස මෙයට පෙර  කටයුතු කළේය.