(යොහාන් භාසුර)

රාජ්‍ය අමාත්‍යවරු 38 ක් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගැනීමට අනිවාර්යෙන් විශාල බාධවක් බවත් ජාත්‍යන්තර ආයතනවලින් මූල්‍ය සම්පත් ලබාගැනීමට අවශ්‍ය බාධායක ඉවත්කිරීමට රජයට කිසිඳු උවමනාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ‘නිදහස ජනතා සභාව’ සංවිධානයේ මාධ්‍ය හමුවේදී අද (14) පැවසීය.

ජාත්‍යන්තර ආයතනවලින් මූල්‍ය සම්පත් ලබාගැනීම සඳහා නාස්තිය, අල්ලස, දූෂණය, වංචාව සහ මූල්‍ය අක්‍රමිකතා වැනි ප්‍රධාන ගැටලු සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බව කී මහාචාර්යවරයා පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරු 38 සඳහා අවම වශයෙන් වහන 230 ක්, එම වාහනවලට ඉන්ධන, රියදුරන් සහ නඩත්තුව සඳහා විශලා ධනයක් අවශ්‍ය බවත්ය.

වත්මන් ආණ්ඩුව රාජ්‍ය අමාත්‍යවරුන් 38 ට අමතරව තවත් කැබිනට් අමාත්‍යවරු 10 ක් හෝ 12 ක් පත්කිරීමේ සූදානමින් පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුල්‍ය සම්පත් රජයට නොදෙන අතර ජනතාවට සහන සැලසීම සඳහා පමණක් ආධාර ලබාදෙන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය.

රාජ්‍ය ඇමතිවරු හමුදාවක් නඩත්තු කිරීමට ජාත්‍යන්තර ආයතනවලින් මුල්‍ය සම්පත් ලබාගැනීම සිහිනයක් බව කී පීරිස් මහතා සඳහන් කළේ කිසිඳු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම මූල්‍ය ප්‍රතිපාදනය නොමැතිව රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් ප්‍රයෝජනයක් නොමැති බවත්ය.

වී මිලදී ගැනීමට මුදල් නොමැති යැයි කෘෂිකර්ම අමාත්‍යවරයාත්, අත්‍යවශ්‍ය ඖෂධ 60 ක් හිඟ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ සාකච්ඡාවකදීත් හෙළිකර තිබියදී රජය මේ ආකාරයට ඇමතිවරු පත්කරමින් සිටින බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් කීය.