
( මහින්ද නිශ්ශංක )
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද (15) පෙරවරුවේ රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින දුම්රියේ රියදුරුගේ හා රියදුරු සහයකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද පෙරවරුවේ සිදු වූ මෙම දුම්රිය ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සදහා දුම්රිය ගමනාගමන අධිකාරි චන්ද්‍රසේන බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ ඉදිපොලගේ මහතා පැවසීය.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී රජරට රැජින දුම්රියේ එන්ජිම මාරු කරන අවස්ථාවේ වැරදි මාර්ගයක ධාවනය වීමෙන් එම මාර්ගයේ නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම දුම්රිය දෙක ගැටීමෙන් රැජින හා සාගරිකා දුම්රිය එන්ජින් දෙකට හා මැදිරි කීපයකට විශාල ලෙස හානි සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මෙහෙම අපරික්ෂාකාරී රිය ධාවනයට දඬුවම් දෙන්න ඕනේ...
මේ අය මේකට වගකියන්න ඕනෑද? ට්‍රැෆික් හින්දනේ හැප්පුනේ.
දුම්රිය ස්ථානයකදී එන්ජින් මාරුකරන විට, එම එන්ජිම අධි වේගයකින් නොයන බව කවුරුත් දන්නා කාරණයකි. එනිසා රජරට රැජින සහ සාගරිකා දුම්රිය එන්ජින් වලට හා මැදිරි කීපයකට හානිවී තිබෙනවා යැයි කියන්නේ කවුද? මේක නිකන් අල්ලේ පැළවෙන බොරුවක්...! ඕවා ගැන අපිටත් අත් දැකීම් තිබෙන නිසයි මේ විදිහ පචරෝල් වලට අහු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ...!
නොසැළකිලිමත් කම
කෝ තවම වෘත්තීය සමිතිවල වර්ජනය ක්‍රියාත්මක වූයේ නැතිද?