( මහින්ද නිශ්ශංක )
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද (15) පෙරවරුවේ රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින දුම්රියේ රියදුරුගේ හා රියදුරු සහයකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද පෙරවරුවේ සිදු වූ මෙම දුම්රිය ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සදහා දුම්රිය ගමනාගමන අධිකාරි චන්ද්‍රසේන බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ ඉදිපොලගේ මහතා පැවසීය.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී රජරට රැජින දුම්රියේ එන්ජිම මාරු කරන අවස්ථාවේ වැරදි මාර්ගයක ධාවනය වීමෙන් එම මාර්ගයේ නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම දුම්රිය දෙක ගැටීමෙන් රැජින හා සාගරිකා දුම්රිය එන්ජින් දෙකට හා මැදිරි කීපයකට විශාල ලෙස හානි සිදුව ඇත.
පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතික
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රැජින-සාගරිකා ගැටුමෙන් තිදෙනකුගේ වැඩ තහනම්
Bands Sunday, 15 December 2024 08:21 PM
ඇත්තටම මෙහෙම අපරික්ෂාකාරී රිය ධාවනයට දඬුවම් දෙන්න ඕනේ...
බකල ජයා Sunday, 15 December 2024 08:51 PM
මේ අය මේකට වගකියන්න ඕනෑද? ට්‍රැෆික් හින්දනේ හැප්පුනේ.
Nandalal DE SILVA - France Sunday, 15 December 2024 11:38 PM
දුම්රිය ස්ථානයකදී එන්ජින් මාරුකරන විට, එම එන්ජිම අධි වේගයකින් නොයන බව කවුරුත් දන්නා කාරණයකි. එනිසා රජරට රැජින සහ සාගරිකා දුම්රිය එන්ජින් වලට හා මැදිරි කීපයකට හානිවී තිබෙනවා යැයි කියන්නේ කවුද? මේක නිකන් අල්ලේ පැළවෙන බොරුවක්...! ඕවා ගැන අපිටත් අත් දැකීම් තිබෙන නිසයි මේ විදිහ පචරෝල් වලට අහු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ...!
sam Monday, 16 December 2024 05:18 AM
නොසැළකිලිමත් කම
Lalla Monday, 16 December 2024 08:50 AM
කෝ තවම වෘත්තීය සමිතිවල වර්ජනය ක්‍රියාත්මක වූයේ නැතිද?
බකල ජයාMonday, 16 December 2024 10:45 AM
ටිකක් ඉවසලා ඉන්න හෙල්මට් එකක් නැතිවෙනකන්...!