
(රෝෂන් තුෂාර)
අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වුවහොත් පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා විසින් අල්ලස් කොම්ෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළාය.
සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවන පරිදි වරෙන්තුවක් නිකුත් කරන්නැයි අල්ලස් කොමිසම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ... අර අංගම් පොර දුන්නේ පොර ටෝක්...
මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගිහින් තමුන්ගේ දෑත් ශක්තිමත් කරගත්තු හැටි දන්නෝ හොඳාකාරවම දන්නවා. තමුන්ගේ වාසියට පැවැත්මට එහෙට මෙහෙට පැනලා දැන් හැන්ගි මුත්තන් කෙළිනවා...
ගරු අධිකරණයට ජනතා ප්‍රණාමය...!
පෑල හැරෙන තැපෑලෙන් ප්‍රතික්ෂේප වෙලා..., දුටු තැන අත්අඩංගුවට ගන්න වරෙන්තුවකුත් නිකුත්වුණා නම් තමයි, ඉතුරුවෙලා ඉන්න තක්කඩි ටිකත් යස පාඩමක් ඉගෙන ගන්නේ...
බොරුවට හොරු අල්ලන කාලයේ බැසිල් උසාවියට කැඳවපු වෙලාවේ දුවන් බැසිල් ළඟට ගිහින් ආරක්ෂා කරපු (ප)රාජිත... දැන් බැසිල්.. එයිද... මුං රකින්න...
දැන් ඉතුරු වෙලා තියෙන හොඳම වැඩේ තමා කන බොන දේවල් ගෙදරින් ගෙන්වා ගන්න අවසර ඉල්ලන එකයි මගේ හිතේ...
ඉස්සරහට හෝදන්න වෙන්නෙ සබන් නැතිව.. කහට පැල්ලම් ඉතුරු වේවි... සංදර්ශන පිටුපසින් ඩොලරය 305ත් පැනලා... රටට වෙන දේ ලොන්ඩරිවලට කවදා දැනේවිද මන්දා...?