අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ නාරහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත අද (29) මාරුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
‍
බන්ධනාගාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ඊයේ (28) හිටපු අමාත්‍යවරයා හමුවීමට ගොස් ඇති අතර, ඔහු එහිදී අමාත්‍යවරයා බන්ධනාගාර රෝහල වෙත යැවීමට නිර්දේශ කර ඇත.