(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට බංකොලොත් වීමේ වගකීම යහපාලන රජය බාරගත යුතු බව පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද ඇතිවෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට රට කරගෙන යන්න ඉඩ නොදුන්න නිසා ඇතිවෙච්ච තත්වයක් බව කී බණ්ඩාර මහතා රට බංකොලොත් වීමේ වගකීම යහපාලන රජය රට ණය උගුලක හිර කර දැන් ඒ අයම කයිය ගහන බව පැවසීය.
මේ රටේ රාජපක්ෂවරු විතර අවමානයට ගැරහීමට ලක් වූ වෙනත් පිරිසක් නැතැයි කී රංජිත් බණ්ඩාර මහතා පක්ෂ වරුන් මෙලෙස ගැරහීමට ලක් වන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොව අහිංසක ජනතාවට සහන ලබා දීමට ක්‍රියා කළ නිසා යැයි කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයිට් නිමාගෙන ඉන්නේ රට වරෙන්
මේ කාලකන්නියා prof. වෙලා තියෙන්නේ එක එකාගේ ඇට සූප්පු කරලද කොහෙද .ඉගෙන ගත්ත එකෙක් නම් නෙමෙයි මේකා
සහතික ඇත්ත කතාවකි. රට අරාජික කළ යහපාලනය වත්මන් අර්බුදයට වග කිව යුතු උනත්, ඒ වග තේරුම් ගැනීමට තරම් විවේක බුද්ධියක් වැඩි දෙනෙකුට නොමැති වීම සහ ඒ වග තේරුම් ගැනීමට ජනතාවට අවස්තාව ලබා නොදීමට ජනමාධ්‍ය ඇතුළු දේශපාලනයේ නියැලෙන කණ්ඩායම් කටයුතු කිරීම කනගාටුදායකය. නමුත් කවදා හෝ ඇත්ත එලි දකිනු ඇත.
මෙයා කාලයක ඉඳන්ම වලව්වේ ඉඳුල් හොඳින් හිටි බව කවුරුත් දන්නා කාරණයක්. පවු කියලත් හිතෙනවා. ආයේ කවදා පාර්ලිමේන්තු එන්නද? ඉක්මණින්ම කොන්දේ ගිහිල්ලා නිසා මොලේට තව තවත් පිනි බාන්න පුළුවනි. එනිසා තොප්පියක්වත් දාගෙන ඉන්න...
මේ කතාව ඇත්ත. රටට දැරිය නොහැකි අන්දමට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා විදේශ ණය ගත්තේ යහපාලන රජයයි...
රාජපක්ෂ පාලන සමයේ චීනයෙන් ණය ලබාගෙන අධිවේගී මාර්ග වරායවල් ගුවන් තොටවල් ඉදිකළා. ඒ මහා පරිමාණ ඉදිකිරීම් අතරතුර කොටසක් පිල්ලි ගැහුවා. යටිතල පහසුකම්වල ප්‍රතිලාභ කවර මට්ටමක වුණත් ණය ලබාගෙන කරපු වියදම්, දූෂණ, නාස්ති දෘෂ්‍යමානව තියනවා. ඒත් යහපාලන සමයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර රාජපක්ෂ පාලන සමයට වඩා ණය අරගෙන තියනවා. ඒවායින් කළේ මොනව ද කියල තාම හොයා ගන්නවත් බැහැ.
කෝප් කමිටුවේ සභාපති කමට නෙවෙයි, පෝක් කඩේකට තමයි හරියන්නේ...
යහපාලන ආණ්ඩුවට කලින් බලයේ හිටපු දූෂිත පවුල් පාලන ආණ්ඩුව කරපු හරිය ලෝකෙම දන්නවා. පවුලේ අය කිට්ටු කරගෙන රටම හොරාකෑවා. යහපාලන ආණ්ඩුව බලය ගත්තෙත් හොරු අල්ලනවා කියලා. අන්තිමට අල්ලපු හොරෙක් නැහැ...
ඉගෙන ගත්තාට වැඩක් නැහැ ජානවල තියෙන්නේ වහල්භාවය නම්, ජානවල ගති ලක්ෂණ ඉබේම මතුවෙලා එනවා.
වැඩිය අව්වේ යන්න එපා.ඔය වගේ දොඩවන්නේ තට්ටේ රත් වුනාම
මේ වගේ අපතයන්ට මහාචාර්ය කියන්නේ කොහොමද ?අනික් එක රාජපක්ෂ කාරයෝ කරපු ටික උසාවියේදී ඔප්පු උනානේ
හද මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ කියලා මතක්වුනා බං