(ඩයනා උදයංගනී)
රාජකාරියේ යෙදී සිටිය දී කොවිඩ් ආසාදනයවීමෙන් මියයන සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප ඔවුන්ගේ පවුල් වෙත අඛණ්ඩව ලබා දෙන්නැයි ඉල්ලා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිපියක් යොමු කර ඇත.
මේ වන විට සෞඛ්‍ය සේවකයන් 6,000 කට පමණ කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් නව දෙනකු මිය ගොස් ඇතැයි එම සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය මහතා පවසයි.
කොවිඩ් ආසාදනය වී මියයන පොලිස් නිලධාරීන්ගේ පවුල්වලට නියමිත කාලය අවසන් වන තුරු එම වැටුප ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සූදානම් බව දැනගන්නට ලැබී ඇතැයි ද සමන් රත්නප්‍රිය මහතා එම ලිපියේ දක්වා ඇත.
එය ඉතා කාලෝචිත තීන්දුවක් බවත් ඒ ආකාරයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන්ද සාධාරණය ඉටු කරදෙන ලෙසත් ඔහු ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් දිය යුතුය.
මෙහෙම ගියොත් මේ රට කවදාවත් ගොඩ ගන්න හම්බවෙන්නේ නැහැ. රජයේ සේවකයෝ මේ රටට හිසරදයක්. යම් කෙනෙක් මිය ගියොත් යැපෙන්නන්ට ගෙවන ක්‍රමයක් තියෙනවා.
ප්‍රශ්නේ තියෙන්නේ හරියටම කොහොමද දන්නේ? රාජකාරියේදීම කෝවිඩ් හැදුණා කියලා. අනික තාම සෞඛ්‍ය සේවකයෝත් එකට ඉඳගෙන එක බත්පත බෙදාගෙන කනවා. එහෙම වෙලා කිහිප දෙනෙක්ට හැදෙනවා. ඒක නොසැලකිල්ල. එහෙම කරලා රජයෙන් හැමදේම බලාපොරොත්තු වෙන එක හොඳ නැහැ. යම් රක්ෂණයක් ලබාදුන්නාට කමක් නැහැ. වැටුප දීර්ඝ කාලීනව ලබා දීම මෙම රටට තවදුරටත් දැරිය හැකිද කියන එක ප්‍රශ්නාර්ථයක්...