
(තිලකරත්න දිසානායක)
රූබික් කියුබ් 1200 ක් භාවිතා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කොට " චෝලන් " ලෝක වාර්තාවක් තැබීමට වයස අවුරුදු 11දරුවකු සමත්විය.
කොළඹ රාජකීය විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.ඩී.සස්නුල සෙහන්ස ලක්මාල් නමැති දරුවා විසින් අගල් 91 × අගල් 68 ප්‍රමාණයේ රාමුවක් භාවිතා කරමින් පැය 3 විනාඩි 13 තත්පර 7 ක කාලයක් තුල රුව නිර්මාණය කරමින් අද (3) මෙම වාර්තාව තැබීම සිදු කළේය.
යක්කල රණවිරු ඇපරල් ආයතනයේදී රුව නිර්මාණය කරමින් වාර්තාව තුබූ අතර යුරෝපය ඇතුලු ලෝකයේ රටවල් 26 ක නියෝජනය සහිත වන Cholan Book Of World Records (CBWR) සංවිධානයේ අධීක්‍ෂණය යටතේ මෙය සිදු කෙරිණි.
මෙවන් ලෝක වාර්තාවක් තැබීම සම්බන්ධයෙන් චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවෙහි සභාපති කපිතාන් ඉන්ද්‍රනාත් පෙරේරා මහතා අදහස් දක්වමින් සදහන් කර සිටියේ මෙම වයසේ දරුවෙකු විසින් රූබික් කියුබ් භාවිතා කරමින් විශාල ප්‍රමාණයේ රාමුවක් තුල මෙවන් නිර්මාණය කොට වාර්තාවක් තබා නැති බවය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාගේ දක්ෂතාවය අපි අගය කරනවා.මෙවැනි නිර්මාණ තව තවත් කරන්ට හැකිවේවා ..සුබම සුබ අනාගතයක් වේවා.
මම දන්න විදියට යුරෝපයේ වුනත් මේ දක්ෂතා දක්වන්නේ අවුරුදු 20-30 ලොකු අය. මේ ළමයා රටට සම්පතක්. තව තව නිර්මාණ කරන්න වගේම අධ්‍යයනයෙන් ඉහලට යන්න වාසනාව ධෛර්යය, ලැබෙවා කියලා.
ඕවාට ඇප් තියෙනවා. ෆොටෝ එක දුන්නම හදන්න ඕන විදිය පෙන්නනවා.
සුබ පැතුම්
පොඩි දරුවෝ පවා අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාට ආදරෙයි...
සතුටුයි..! නමුත් මීට වඩා අර්ථවත් දෙයක් කොට ලෝකවාර්තා තබන්නට අදිටන් කරගන්න. මම මගේ දරුවන් මෙවැනි දේවල් කිරීමට දිරිමත් නොකරමි...