IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රේගුවෙන් ට්‍රිලියන 1.5 ක වාර්තාගත ආදායමක්

 


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේ (2024) රුපියල් ට්‍රිලියන 1.5 අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ  ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙම ට්‍රිලියන 1.5 ශ්‍රී ලංකා රේගුව, ඉතිහාසයේ වසරක් තුල ලබාගත් ඉහලම ආදායම බවත් ඊයේ (31) පෙරවරු  11.00 වන විට රුපියල් ට්‍රිලියන 1.5 සීමාව ඉක්මවූ රේගු ආදායම, දිනය අවසානයේදී   රුපියල් ට්‍රිලියන 1.515 ක් දක්වා වර්ධනය වීමට නියමිතව තිබූ බවත් අරුක්ගොඩ මහතා කීය‍ෙ

රජය 2024 වසර සඳහා ලබාදී තිබූ රුපියල් ට්‍රිලියන 1.533 ක ආදායම් ඉලක්කය ඉතා ආසන්නයටම සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකිවී ඇති බවත් රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහල යාම හා විශේෂයෙන් රේගු කලමනාකාරිත්වය විසින් කරන ලද බදු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා ගනු ලැබූ ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා සමස්ත රේගු කාර්‍ය මණ්ඩලයම කැපවී කටයුතු කිරීම මේ අයුරින් වාර්තාගත ආදායමක් උපයා ගැනීමට හේතු වූ බවත් ඔහු සඳහන් කළේය. 



අදහස් (5)

රේගුවෙන් ට්‍රිලියන 1.5 ක වාර්තාගත ආදායමක්

වික්‍රම විදුර Wednesday, 01 January 2025 12:37 PM

ඉස්සර පාණ්ඩු හිටියා නම් ඕක බිලියන 10-12 කියලා තමයි නිව්ස් එකේ යන්නේ...

:       11       11

ගුණරත්න Wednesday, 01 January 2025 03:03 PM

මේ ආදායම ලබාගත් මූල්‍ය වර්ෂයේ මුල් මාස 11 පසුගිය පාණ්ඩුවේ කෙනෙක් තමයි මහත්තයා. මේ ආණ්ඩුව ආගමන මාසයකින් බිලියන 150ක් හෙව්වා කියන එක අතාර්කිකයි නේ කොහොමත්? එහෙම නැත්නම් ඔබතුමා අදහස් කරේ හොරකම් නිසා බිලියන ගාණක් නැති වෙලා කියලාද? ඒකත් ඉතින් උඩින් කී පරිදි මේ ආදායම සම්පූර්ණයෙන්ම පාහේ ඉපැයුවේ පසුගිය පාණ්ඩුවෙන්! ඉතින් හොරකම් වෙලා කියලා හිතන්න බැහැ...

:       5       3

Don perea Wednesday, 01 January 2025 02:51 PM

පාර්ලිමේන්තුවට දෙවැනි නැති ලෝක හොරුන්ගේ රජ දහන...

:       3       12

Nimal Wednesday, 01 January 2025 08:16 PM

වෙන මොනවාත් ඕනැ නෑ.. රේගු නිලධාරින්ගේ ගෙවලුයි වාහනයි දැක්කාම තේරෙනවා.. පොතේ තියන පඩිය ගන්න පුළුවන්ද බැරිද කියලා

:       0       1

Bunny Preena Thursday, 02 January 2025 09:37 AM

කවුරු කවුරුත් අවංක වැඩ කලා නම් තමන්ගේ ආත්මයටත් තමන්ගේ දරු දැරියන්ටත් රටටත් හොඳයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site