(රංජන් කස්තුරි)
රාජසන්තක කර තිබූ හමර් වර්ගයේ මෝටර් රථයක් වෙන්දෙසීයේදී ආනයනයකරුවාටම ලපාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සි්‍යඹලාපිටිය මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරාය පොලිස්පතිවරයාට කර තිබූ පැමිණිල්ලකට අනුව එම පරීක්ෂණය ආරම්භ කර ඇත.
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ හමර් වර්ගයේ මෝටර් රථයක් ශ්‍රී ලංකා රේගුව මගින් රාජසන්තක කර තිබූ අතර පසුව පැවැති වෙන්දේසියේදී එම රථය ආනයනයකරුවාම ලබා ගැනීම පිළිබඳව ඉකුත් කාලයේදී ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය.
එම සිද්ධිය සම්බන්ධයෙන් තමාට වාර්තාවක් ලබාදෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂවරයාට දන්වා ඇත.
එම වාර්තාව රාජ්‍ය අමාත්‍යවරයාට ලැබී ඇති අතර එහි ඉදිරිපියවරක් ලෙස පොලිස්පතිවරයාට පිමිණිලි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි රට ඉඳලා එනකොට ගේන බඩු ගැන නම් රේගුව හොඳටම හොයනවා
පිටරට සිට එවන බඩු පෙට්ටි කඩලා ඒවායේ තියෙන දේවල් පවා හොරකම් කරන අයත් රේගුවේ ඉන්නවා. රේගුවේ කෙරෙන දූෂිත වැඩ දන්නෝ හොඳා කාරවම දනිති .
මේ වගේ විනයක් නැති රටක් බංකොළොත් නොවී තිබේවිද? අහිංසක මිනිස්සුන්ට පමණයි ඕක්කොම නීති රෙගුලාසි.
මේක අලුත් වැඩක් නෙවෙයි. මේක නිතරම කරන ජාවාරමක්...
ආනයනය කරන්න ඇත්තේ මුදල් ගෙවිමක් කරලා වෙන්න ඇති නේද රාජසන්තක කළාම ඔහුට මුලින් ගෙවූ මුදල් අහිමිවෙනවා.. ඉන්පසුව වෙන්දේසියේ ගැනීමට නැවතත් ගෙවන්න වෙනවා.. ටෙන්ඩර් ක්‍රමයට වෙන්දේසි කළානම් අවුලක් වගේ පේනවා. නැත්නම් වරදක් නැහැ කොහොමත් වාහන වෙන්දේසි කරන්නේ ටෙන්ඩර් ක්‍රමයට නිසා විමර්ශනය කිරීම සුදුසුයි...!
ලෝකේ කාලකන්නි මස්තබාල්දුම රට තමයි මේක
ඕක අලුත් දෙයක් නෙවේ. හැමදාම ඕවා ඇල්ලුවම වෙන්දේසියෙන් ආපහු ගන්නේත් ගෙනාව අයම තමයි.
ආනයන කරු වෙන්දෙශියෙදී වැඩි ලන්සුවක් දුන්නානම් ඔහු කව්රු උනත් ඔහුට වාහනය දිය යුතුයි. ඔහු ඔය වාහන ගෙන්වීමට උන කැපවීම ගැන සැලකිය යුතුයි. කොහෙවත් ඉන්න හාල්පාරුවෙකුට මුදල ගෙවූ පලියට වාහනය දීම අසාදාරණයි.
ලංකාවේ තරම් හොරකමට වංචාවට පුරුදු වූ මිනිසුන් සිටින රටක් ලොව කොතැනක වත් නැතුව ඇති......
මේ වාහනය විකිණුවේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී නම්, එය ඕනෑම කෙනෙකුට මිලදී ගැනීමේ හැකියාව තියනවා. ඒ ගැනුම්කරුගේ පැටිකිරිය අදාළ වෙන්නේ නැහැ. මේවා නිකං රට හිනස්සන කතා.
ගෙන්නපු මනුස්සයටත් දේශපාලන සවියක් දෙන්න මොකක් හරි ඇති පිටිපස්සේ. ඔය පරීක්ෂණ නිකම් මාධ්‍යයට දැනුම් දෙන්න විතරයි.
ආනයනකරු වැඩි ලංසුව තියනවනම් ඔහුට වාහනය නොදී ඉන්න තියෙන හේතුව මොකක්ද?
කවුරු උනත් වෙන්දේසියේදී ඉහලම මිල ඉදිරිපත් කලානම් ඒ පුද්ගලයට එය විකිණිය යුතුයි