
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ මනෝප්‍රිය ගුණසේකර)
රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 400ක් අතුරින් වාහන 06ක් අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත.
එලෙස අල්ලස් කොමිසමේ බාරයට ගත් අති සුඛෝපභෝගි මෙම වාහන 168ක් හොර රහසේ ආනයනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 700කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කරන විමර්ශනයේදී හෙළි වු තොරතුරුවලට අනුව මෙම වාහන බාරයට ගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශයෙක් සඳහන් කළේය.
එලෙස අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත්තේ රුපියල් කෝටි 4 සිට 6 දක්වා වටිනාකමින් යුත් මොන්ටෙරෝ, ලැන්ඩ්කෲසර්, අධි සුඛෝපභෝගී කැබ් සහ නිසාන් වර්ගයේ අධි සුඛෝපභෝගී ද්විත්ව කාර්ය රථ ඇතුළු වාහන බව ද එම ප්‍රකාශයා සඳහන් කළේය.
2015 සිට 2022 දක්වා කාලය තුළ අධි සුඛෝපභෝගී වාහන 400ක් පමණ හොර රහසේ මෙරටට ආනයනය කර ඇති බවට අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරු වලට අනුව කළ විමර්ශනවල දී අනාවරණය වූ කරුණු පදනම් කර ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ මෝටර් රථ 112ක් පැවරීම හෝ අන්සතු කිරීම හෝ වළකාලමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බොරු කියන්නේ? රේගුවට හොරෙන් කවුරුත් ගෙනෙන්නේ නෑ. ඔක්කොම රේගුව දැනුවත්ව. රේගුවට පග ගහලා. බලන්නකෝ රේගුවේ උන් ඉන්න ගෙවල් සහ පදින වාහන. රජයේ පඩියකින් කවදාවත් කරන්න පුළුවන් ද? අනිත් එක අල්ලලා තියෙන්නේ පට්ට පරණ වාහන ටිකක් නේ.
රේගුවේ කට්ටිය ඕවට ඍජුවම සම්බන්ධයි. එතන තියෙන මාෆියාව ඇමති මන්ත්‍රී ගොල්ලටවත් පාලනය බෑ.ඕනෑම බහලුම් හෝ සුලු භාණ්ඩයක් නිෂ්කාශනය කරගන්න ගියත් මුල් සිට අගට ලාච්චු ඇරගෙන ඉන්න නිලධාරීන්ට නියමිත ගණණ නොදී අත්සන ගැනීමට බැරි රටක රේගුව වරාය අධිකාරිය නොදැන කිසිම භාණ්ඩයක් පිටතට යාමට බෑ..
රේගුවට හොරෙන්
අම්මාගේ රෙද්දක් කියනවා මුන් බබාලා
හැමෝම දන්නවා රේගු නිලධාරීන්ගේ අල්ලස්. Middle East ඉඳලා එන අහිංසක මිනිසුන්ට නීතිය. ලොකු Business men ලාට ගෙදරට ගිහින් වැඩ කරලා දෙන්නේ...