(නිමන්ති රණසිංහ)
ශ්රී ලංකා රේගුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර මහතා සහ එහි හිටපු සහකාර අතිරේක රේගු අධ්යක්ෂක තාරක සෙනවිරත්න යන මහත්වරුන් වෙත අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන මාර්තු 31 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි අවලංගු කිරිමට කොළඹ කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.
රේගුව සතු රත්තරන් කිලෝ 8 ක් සදහිරු සෑයේ තැන්පත් කිරිමට පුජා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (26) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොකක් ද මේ කියන්නේ? ශීර්ෂ පාඨයෙන් කියනවා "රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනාගේ රට ගමන් තහනම දිගුකෙරෙයි" කියලා. පහළ ඡේදයෙන් කියනවා "මාර්තු 31 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි අවලංගු කිරිමට කොළඹ කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය" කියලා. මේකේ අගමුල ගැලපෙනවාද?
සිල් රෙදි නඩුව, දැන් රත්තරන් නඩුව දෙකම එක සමානයි. ඒ වුනත් ඔය ඔක්කොම නඩු හෙට අනිද්දට සද්භාවයෙන් අල්ලලා විසිකරනකොට ඇඟේ වදින්න පුළුවන් හින්ද කවුරුත් ඈත්වෙලා ඉන්න. ඒ මොකද ඒ නඩුත් එක්කම නීතියත් අල්ලලා විසිකරන හින්දා ටිකක් බර වැඩියි. තුවාල වෙන්න පුළුවන්.
දේශපාලකයන්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කරනවිට, නිලධාරීන්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දිගු කෙරෙයි.
නඩු රිවස් එකට අහන්නේ මෙහෙමයි. තව තුනෙන් දෙකකුත් දීලා බලන්න මහා මැතිවරනේදී. දැන් සැපද?
ඔව් ඉතින් කරගැහුවේ අනුන්ගේ පව්නේ.
මට හරි ලේසියි එකම සටහන හැමතැනම ලියන්න පුළුවන්. ඕන් එහෙනම්. අනේ අපිට ස්විට්සර්ලන්තේ යන්න ඕන නැහැ. අපේ වැඩක් බලාගෙන ඉමු.