(යොහාන් භාසුර)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම දුම්රිය ස්ථානයේ සංඥා බිඳ වැටීමක් හේතුවෙන් දුම්රිය 10 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය කිරීමට නොහැකිව නවතා තිබීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.
සේවය අවසන් කර නිවෙස් බලා යමින් සිටි ජනතාව පැයකට ආසන්න කාලයක් දුම්රිය තුළ හිරවීමෙන් දැඩි අපහසුතාවට පත්වූ බවත් ඇතැම් මගීන් ක්ලාන්ත තත්වයට පත්වූ බවත් දැනගන්නට තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ සංඥා බිඳ වැටීමක් හේතුවෙන් මෙම තත්වය ඇති වූ බවත් එය යථා තත්වයට පත්කරමින් සිටින බවත්ය.
මෙම තත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ දුම්රිය ප්‍රමාද වියහැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීතා නෝනා අරහේ V8 ඉල්ලනවෝ
දුම්රිය දෙපාර්තමේන්තුවත් කාබාසිනියා වෙලා
ඔහොම තමා පහුගිය ටිකේ දිගටම පීලි පැනලා දැන් සිග්නල් නැති වෙලා .. ලබන සතියේ තව මොනවා හරි පුලුවන් .. ඕවා පවත්වාගෙන යන්න ඕනේ තරගෙට පවුද්ගලික ආයතන වලට දෙන්න ඕනේ