IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රාගමදී දුම්රිය සංඥා බිඳ වැටීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට

(යොහාන් භාසුර)

ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම දුම්රිය ස්ථානයේ සංඥා බිඳ වැටීමක් හේතුවෙන් දුම්රිය 10 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය කිරීමට නොහැකිව නවතා තිබීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.

සේවය අවසන් කර නිවෙස් බලා යමින් සිටි ජනතාව පැයකට ආසන්න කාලයක් දුම්රිය තුළ හිරවීමෙන් දැඩි අපහසුතාවට පත්වූ බවත් ඇතැම් මගීන් ක්ලාන්ත තත්වයට පත්වූ බවත් දැනගන්නට තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ සංඥා බිඳ වැටීමක් හේතුවෙන් මෙම තත්වය ඇති වූ බවත් එය යථා තත්වයට පත්කරමින් සිටින බවත්ය.

මෙම තත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ දුම්රිය ප්‍රමාද වියහැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. 



අදහස් (3)

රාගමදී දුම්රිය සංඥා බිඳ වැටීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට

Duminda Tuesday, 22 November 2022 07:57 PM

සීතා නෝනා අරහේ V8 ඉල්ලනවෝ

:       0       2

Sunil Tuesday, 22 November 2022 08:43 PM

දුම්රිය දෙපාර්තමේන්තුවත් කාබාසිනියා වෙලා

:       0       1

පුරවැසියකු Wednesday, 23 November 2022 01:15 PM

ඔහොම තමා පහුගිය ටිකේ දිගටම පීලි පැනලා දැන් සිග්නල් නැති වෙලා .. ලබන සතියේ තව මොනවා හරි පුලුවන් .. ඕවා පවත්වාගෙන යන්න ඕනේ තරගෙට පවුද්ගලික ආයතන වලට දෙන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site