
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
රෝගී , සහෝදරයාට රාත්‍රී ආහාර පාර්සලක් ලබාදී මිතුරෙකු සමඟ යතුරුපැදියෙන් නිවස කරා පැමිණෙමින් සිටියදී මොරන්තුඩුව දැල්කඩ හන්දිය අසලදී ටිපර් රථයක ගැටී ඊයේ (03) රාත්‍රී සිදු වූ අනතුරකින් එම තරුණයා මියගොස් මිතුරා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මොරන්තුඩුව මහා ගෝනදුව කවටයාගොඩ පාර අංක16 නිවසේ පදිංචිව සිටි අසිත උදයංග සිල්වා (18) නම් තරුණයායි.
බරපතල තුවාල ලද එම ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි අනෙක් තරුණයා කළුතර නාගොඩ රෝහල වෙත ඇතුලත් කර ඇත.
අනතුරින් පසු පලා ගොස් සිටි ටිපර් රථ රියදුරු පිළියන්දල ප්‍රදේශයේදී ටිපර් රථයත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් 25 හැවිරිදි ටිපර් රථ රියදුරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ දරුවා. නිවන් සුව ලැබේවා