IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රේගු විමර්ශන 8450 ක් වසර ගණනාවක් තිස්සේ ඇනහිටලා

(ජේ.ඉඳුරුවගේ )

ශ්‍රී ලංකා රේගුවේ විවිධ අංශ මගින් සිදුකරන රේගු විමර්ශන 8450 ක් වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

මෙයින් 3080 ක් වසර පහකට වඩා කාලයක් තිස්සේද  ,4348 ක් වසර දෙකේ සිට හතර දක්වා කාලයක් තිස්සේද ,1022 ක් වසරක කාලයක් තිස්සේද නොවිසඳී ඇතැයි විගණන කාර්යාලය  රේගුව සම්බන්ධයෙන් නිකුත්කළ විගණන වාර්තාවක් මගින් පෙන්වා දෙයි.

2015 සිට මෙම වසරේ ආරම්භය දක්වා අදාල මෙම විමර්ශන රේගුවේ  ඉලෙක්ට්‍රොනික මධ්‍යගත තොරතුරු පද්ධතිය අනුව  අනුව දක්වා ඇති ප්‍රමාණයන් බව රේගුවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට දන්වා ඇත.

මෙකී විමර්ශන ප්‍රමාදවීමෙන් අත් අඩංගුවට ගත් භාණ්ඩ නශ්‍ය වීම,හායනය වීම,ඔත්තුකරුවන් හා නිලධාරීන් අධෛර්යමත්වීම වැනි අවාසිදායක තත්වයක් ඇතිවී තිබෙන බැවින් විමර්ශන කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළයුතු බව විගණනයෙන් නිර්දේශ කර ඇත.

 



අදහස් (1)

රේගු විමර්ශන 8450 ක් වසර ගණනාවක් තිස්සේ ඇනහිටලා

sam Friday, 01 November 2024 11:18 AM

රාජ සන්තක කරලා දාන්න. ඕවා ඔක්කොම රනිල්ගේ හිතවත් අයගේ වෙන්න ඇති... මහ බැංකුව හොරාකාපු සෙට් එකනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site