
(යොහාන් භාසුර)
රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීම සඳහා රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
මෙවැනි පියවරක් මගින් චේතනාන්විතව බදු ගෙවීම පැහැර හරින්නන් අධෛර්‍යයට පත් කර, රජයට හිමිවිය යුතු නිසි බදු ප්‍රමාණය ගෙවීම සඳහා බදු ගෙවන්නන් පෙලඹවීම සහ ආනයන හා අපනයන නීති කඩකිරීම වැලැක්වීම තුලින් නීති විරෝධීව භාණ්ඩ දේශසීමාව හරහා රටට ඇතුල්වීම හා පිටකිරීම අවම කිරීම රේගුවේ බලාපොරොත්තුව බවත්
රේගු ආඥා පනත යටතේ නිසි විමර්ශනයකින් පසුව පැවැත්වෙන පරීක්ශනයකදී වරදකරුවන් වන පුද්ගලයන්ගේ සහ ආයතනවල විස්තර මෙසේ ප්‍රසිද්ධ කරන බවත් ඒ මහතා කීය.
මුදල් විශුධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත මුල්‍ය බුද්ධි අංශයේ මග පෙන්වීම මත ශ්‍රී ලංකා රේගුව මුදල් විශුධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ ඒකකයක් පිහිටුවා ඇති අතර ඉදිරියේදී රේගු වැරදිවලට සම්භන්ධවන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වා සැකකටයුතු ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මුල්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂන් දෙපාර්තමේන්තුවට දැනුම් දීමටද කටයුතු කරන බව සඳහන් කළේය.
මෙම වසරේ ජූනි මාසයේ සිට මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර http:/www.customs.gov.lk යන රේගු වෙබ් අඩවිය හරහා මෙම තොරතුරු මහජනතාවට දැනගත හැකි වන සේ ප්‍රසිද්ධ කරන බවද සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
හොඳයි. රතු ලේබල් කන්ටේනර් 323 පන්නපු අයගේ නම් ලිස්ට් එකත් ප්‍රසිද්ධ කරන්න.
රේගු වංචා විතරක් නොවෙයි, ඕනෙම වංචාවකට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධව මහජනතාව දැනුවත් කල යුතුයි. හොඳම ක්‍රමය තමයි නම, ගම, ලිපිනය සමග ඡායාරූපයක් පල කිරීම... නැතිනම් සිදුවන වංචාවලට අහුවන අයගේ අඩුවකුත් දකින්න නැහැ.
ගෝත්‍රික වැඩක්. වංචාවක් වෙනවා නම් ඒක අල්ලලා දඩ ගහලා හෝ වෙනයම් නීති කටයුතු කරන එක තමයි සීලාචාර රටවල් කරන්නේ. ආණ්ඩු ළිඳ ළඟ සංගමේ වගේ වැඩ නොකල යුතුයි.
මහජනතාව දැනුවත් කළාට ඔවුන්ට කළ හැකි දෙයක් නැහැ. මේවට දැඩි නීති රීති පනවා ආයතන හෝ ව්‍යාපාරිකයන් අසාදුගත කළ යුතු අතර ඔවුන්ගේ ව්‍යාපාර බලපත්‍ර අහෝසි කළ යුතුයි. ආනයන අපනයන සඳහා රේගුවෙන් තක්සේරු කරන මුදල් මහ බැංකුව වෙත ගෙවූ පසු ලදුපත්‍රය වරායට ඉදිරිපත් කිරීම වඩා හොඳයි.
වැඩේ හොඳයි සාර්ථකයි... ඔය රේගුවේ ඉන්න දිනපතා කප්පම් ගන්න රේගු නිලධාරීන්ගේත් නම් රේගුවේ වෙබ් පිටුවේ ප්‍රසිද්ධ කළා නම්...!
රේගු බදු අයකළාම මුලු මුදල කියනවා වෙනුවට එක් එක් අයිතමයට අයකළ බද්දත් එම මුදල ගණනය කළ අයුරුත් බදු ගෙවන්නාට ලබා දෙනවා නම් එකම භාණ්ඩයට එක් එක් පුද්ගලයින්ගෙන් දැන හැඳුනුම්කම් අනුව සහ ගෙවන සන්තෝසම් අනුව විවිධ බදු අයකිරීම නවතිනු ඇත. එක් එක් වතාවට බදු වෙනස්කළ ඇමුනුම් ගොන්නක් විනා නිසි බදු ප්‍රමාණ දැක්වෙන වගුවක් එළි නොදක්වන්නේ රේගූ නිලධාරීන්ට සිත්සේ ගසා කෑමටයි. මහා පරිමාන ආනයන කරුවන්ට මෙන්ම ට්‍රයිකෝ වැනි ආයතන හරහා භාණ්ඩ ගෙන එන ලාංකිකයින්ටත් ගෙවූ බද්දට විස්තරාත්මක ලදු පතක් ලබා ගැනිමේ අයිතිය ඇත. රේගුවෙන් බදු ගෙවා භාන්ඩ රැගෙන යාමට පැමිණි පාරිභෝගිකයින් එලියේ වේලෙද්දී එම බදු මුදලින් වායු සමිකරණය කළ කාමරයක විරාජමානව වැඩ වසන රේගු නිලධාරීන් ද දැක ඇත්තෙමි. බදු අය කිරීම විනිවිද භාවයකින් කළ යුතුයි.