IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රේගු භාණ්ඩලවලට ලංසු දැමීමේ ඉලෙක්ට්‍රොනික ක්‍රමය ජනවාරි සිට

(යොහාන් භාසුර)

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ අළෙවි කිරීමේදී ගැණුම්කරුවන්ට ලංසු ඉදිරිපත් කිරීමට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් ලබන ජනවාරි මස 1 වැනිදා සිට හදුන්වා දෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (5) පැවසීය.

රේගුව පසුගියදා මැණික් තොගයක් අළෙවි කිරීමට ලංසු කැඳවූ බවත් එහිදී ඉහළම ලංසුව ඉදිරිපත් කළ ගැණුම්කරු කිසියම් පිරිසකගේ හෝ පුද්ගලයකුගේ බලපෑම හේතුවෙන් ලංසුව ඉවත්කරගෙන ඇති බවත් අරුක්ගොඩ මහතා කීය.

එම තත්වය හේතුවෙන් මැණික් අළෙවි කිරීම අත්හිටුවා පරීක්‍ෂණයක් පවත්වන බව කී අරුක්ගොඩ මහතා එවැනි දේවල්වලින් රජයට විශාල මූල්‍ය පාඩුවක් වන බව ද සඳහන් කළේය.

ඒ සඳහා පරිගණක තාක්‍ෂණ ක්‍රමයක් ජනවාරි සිට ලංසු ඉදිරිපත් කිරීමට හදුන්වා දෙන බවත් එය ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම පුද්ගලයෙක්ට ලංසු ඉදිරිපත් කළ හැකි ක්‍රමයක් බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

රේගු භාණ්ඩලවලට ලංසු දැමීමේ ඉලෙක්ට්‍රොනික ක්‍රමය ජනවාරි සිට

දසත Thursday, 05 December 2024 09:20 PM

මෙි වැඩේට මං හරිම කැමති. ඔන්ලයින් ලංසු කැඳවන ක්‍රමයට.

:       0       9

Bunny Preena Saturday, 07 December 2024 10:32 AM

දුෂණය වලක්වා ගන්න හොඳම විදිය.. දුෂණයෙන් හම්බ කරපු එවුන්ට දැන් ⁣යන එන මං නැති වෙලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site