
( සුමිත් පොතුපිටිය)
කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට සහභාගි වෙමින් සීටී රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු පොලිස් පහරදීමට ලක්ව රෝහල් ගතව ඇති බව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .
මෙසේ රෝහල් ගතව ඇත්තේ කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි වීරවර්ණ ප්‍රේමරත්න නමැති රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු බව පැවසේ.
පහරකැමට ලක්වූ බව කියන පරිපාලන නිළධාරීවරයා ඊයේ (21) කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට ගොස් සිටියදී පොලිස් නිළධාරින් විසින් පරීක්ෂා කර ඇති අතර , එහිදී ඇතිවූ කතාබහකින් පසු පහරදීම සිදුව ඇති බව සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලිසියේ බොහෝ නිලධාරීන්ට තිබෙන තිරිසන් ගනයේ උණක් තමයි මේක . නිකරුනේ මිනිසුන්ට පහරදීම . පොලිස් කොමිසම තියා මොන මගුල තිබුණත් වැඩක් නැහැ . මේවට ක්ෂණික දඬුවම් ලැබෙන්නේ නැහැ. පොලිස් නිලධාරියකුගෙන් සිදුවන අසාධාරණයකට දඬුවමක් දෙන්න නම් මුලික අයිතිවාසිකම් නඩුවක්ම දාන ඕන . සමාජය හදන්න නම් ඉස්සර වෙලාම පොලිසිය හදන්න ඕන . ඒවගේම තමන්ගේ සීමාව මොකක්ක්ද කියල පොලිසිට තේරුම්කර දීම හා ඊට අවනත නොවන අයට එම මොහොතෙම් දඬුවම් දෙන ක්‍රමයක් හදන්න ඕනෑ. පොලිසියට කියලා අමුතු නීතියක් නැති බව ක්‍රියාවෙන්ම පෙන්වන්න ඕනෑ.
මෙහෙම අමාත්‍යංශයක් මේ රටේ තියෙනවා කියලා ඇහුවාමයි...!
කොහෙද දන්නෑ රේගු අමාත්‍යාංශයක් තියෙන්නේ. මුං එච්චර ගොන්ද?