(ඉන්දිකා රාමනායක සහ යොහාන් බාසුර)
කොකේන් මත්ද්‍රව්‍ය, මත්මිශ්‍ර මුද්දර, සහ කුෂ් නමැති මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක සහ පෞද්ගලික ගුදමක රාජකාරි කරමින් සිටි රේගු පරීක්ෂකවරුන් දෙදෙනකු බවට උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
වරායේ රේගු නිලධාරීන් පිරිස් වරාය තුළ ජාවාරමේ නිරත වන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු තොරතුරු මත එක් රේගු පරීක්ෂකවරයකු පෙරේදා වරායයෙන් පිටවන අවස්ථාවේ චෛත්‍යපාරේ දී අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු සන්තකයේ මත්ද්‍රව්‍ය මිශ්‍ර මුද්දර තොගයක් තිබු බව එම උසස් නිලධාරියා කීය.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ ඔහුට මෙම මත් මුදකර ලබා දෙන සෙසු රේගු පරීක්ෂකවරයා සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, වරාය පරිශ්‍රයේ කාමරයක දී එම සැකකරු ද අත්අඩංගුවට ගත් බව ඔහු සන්තයේ කුෂ් නමැති මත්ද්‍රව්‍ය තිබු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ ඔහුගේ මෝටර් රථයේ සඟවා තිබු කොකේන් ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
වරාය පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගත් සැකකරු රැඳී සිටි කාමරයක් තුළ තැපෑලය ලැබී තිබු හිස් පාර්සල් කවර තුනක් තිබු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මොවුන් මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණෙන මත්ද්‍රව්‍ය පාර්සල් සිය බාරයට ගෙන ඒවා අයිතිකරුවන් වෙත මුදා හැරීම හෝ ඒවා තුළ ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරන බවට පොලිසිය සැකකරයි.
අත්අඩංගුවට ගත් රේගු පරීක්ෂකවරුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
රේගුවේ වැඩකරන බොහෝ අයගේ ගෙවල් මන්ඳිර වගේ බව ඔබලා දන්නවද..?? ඒවගේම ඒ අය පදින වාහන කෝටි ගණනක් වටිනා බව ඔබලා දන්නවද..?? දරුවන්ගේ උපන්දින සාද පවත්වන හැටි දැක්කම හිතාගන්න පුලුවනි ඉපයීම ! පුදුම ධනස්කන්ධයක් හම්බකරලා කිසිම බැංකුවකටවත් ණය බරක් නැතිවම ලංකාවේ ජීවත්වන රේගු මහත්තුරු ..!
රේගුවේ ඇති වංචා දුෂණ නවත්වාගන්න පුලුවන්නම් වසරකට අවම වශයෙන් ඩොලර් බිලියන 5ක් වත් අමතර අදායමක් රජයට ලබාගන්න පුළුවන්.
රේගුව තනිකරම හොර ගුහවක්. හැමදේටම කප්පම් ගන්නව. ඉතින් කවදාවත් මෙ රට දියුනු වෙයිද?
වාශ්පගෙ අදහස මමත් අනුමත කරමි. රේගු මහත්වරු යනු ප්‍රසිදියේ හොරකම් කරන පිරිසකි, මෙ රට විනශවෙන්න මොවුන්ගෙ ක්‍රියකලපය 50% පමන බලපාල තිබෙන බව අමතක කරන්න එපා
ඒ අයට අත්අඩංගුවට ගන්නා භාණ්ඩ වෙනුවෙන් වටිනාකම අනුව මුදල් ගෙවන ක්‍රමයක් තියෙනවා. එයට අමතරව මේවායින් තවත් කොපමණ උපයනවා ඇද්ද? ඉතින් වැටත් නියරත් ගොයම් කා නම් කුඹුරු රකින්න බැහැ නේද? රටට කුඩු ගෙන්වීම කෙසේ නවතන්නද? ඒ වගේ කුඩු ගෙන්වීම නවතන්න බැරුව ඇත්තේ උන්දැලා නිසා වෙන්න පුළුවන්...!