
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අල්ලස් කොමිසමේ රංග දිසානායක ජේ.වී.පී. නීති කමිටුවේ සිටි බවට නන්දන ගුණතිලක කළ ප්‍රකාශය ගැන ආණ්ඩුව උත්තර දිය යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:- (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෝප් කමිටුවේ තීන්දු තීරණ දුන්නත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.ඒක ගැටළුවක්. වංචා දූෂණ අවම කරන්න පුළුවන් වැඩපිළිවෙල හැදෙන්නේ නීතිය ක්‍රියාත්මක වුනොත්. දූෂණය අවම කිරීම සඳහා දූෂණ විරෝධී පනතට අප කවුරුත් ඡන්දය දුන්නා.රාජ්‍ය පාලනය ගැන තිබිච්ච අවිශ්වාසය, දූෂණය විරෝධය නිසා මේ රටේ මිනිස්සු ඔබට ඡන්දය දුන්නා.ඔබලාත් රටේ මිනිස්සුන්ට ලොකු පොරොන්දු දුන්නා.රාජ්‍ය පාලනයේ විනිවිද බව ගැන ,නීතියේ ආධිපත්‍යය ගැන කතා කළා. විනිවිද බව ගැන දැන් ප්‍රශ්නයක් ඇතිවෙලා. නීතියේ ආධිපත්‍යය තියෙන්නේ තමුන්නාන්සේලාට එරෙහි ව ඉන්න විරුද්ධවාදීන්ට විතරක්ද කියා ප්‍රශ්නයක් තියෙනවා.ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බාහිරව සුළං බලාගාර ව්‍යාපෘතිය ජනාධිපතිගේ හිතවතෙකුට දීම ගැන අල්ලස් කොමිසමේ පැමිණිලි තියෙනවා.කොමිසම ඒ ගැන කතා කරන්නේ නෑ.අනෙක් එක කන්ටේනර් පිටමං කිරීමයි.ඊයේ පෙරේදා එයින් කන්ටේනර් දෙකක අයිස් හම්බ වුණා.අනෙක් කන්ටේනර් වල මොනවා තිබුනද කියලා කවුද දන්නේ? දැන් අල්ලස් කොමිසම තමුන්නාන්සේලාගේ ගැන හොයන්නේ නෑ. අනිත් ඒවා හොයනවා යනුවෙන්ද මුජිබුර් රහුමාන් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මොකක් හරි ගොන් කතාවක් කියලා මාධ්‍යයට තමන්ගේ මුහුණ දාගන්න දගළනවා සජිත්ට විතරයි දෙවෙනි...
නන්නත්තාර වෙච්චි විපක්ෂය දැන් පිස්සුවෙන් වගේ මොකක් හරි පොටක් පාදාගන්න දඟලන දැඟලිල්ල...
ආ එහෙනම් ඒකයි... සියලුම රහස් එතැනින් අනුරට සප්ලයි වෙන්නේ. නොදකින්... ස්තූතියි මුජිබර්, නන්දන රට දැනුවත් කළාට..
වජිර රනිල්ව හොදටම ගොනාට අන්දනවා. තිස්ස කුට්ටි නාමල්ව හොදටම අන්දනවා... මේ මුජීබ් සජිත්ව හොදටම අන්දනවා. අවසානයේ මේ තුන්දෙනාවම ප්‍රතික්ෂේප කරලා...
නගරාධිපති සිහිනය බොද වුණා. නගරාධිපතිකම තමුන්ගේ පක්ෂයේ කෙනෙකුට දිගන්ඩ ගේමක් දුන්නා. ඒකත් හරි ගියේ නැහැ. දැන් මොලේ විකාර වෙලා ඉන්නේ...
ගලබොඩ අත්තේ හාමුදුරුවෝ හිරේට දාන්න නියෝග කළේ ඒ නිරාගමික වාමාංශිකයානේ
රංග දිසානායක මහාධිකරන විනිසුරුවරයෙකි. කිසිම විනිසුරුවරයෙකුට තබා වැඩබලන මහේස්ත්‍රාත් ලෙස දවසකට හෝ සිටින නීතිඥයෙකුටවත් දේශපාලන පක්ෂයක සාහාජිකත්වය දැරිය නොහැක. මෙය බරපතල චෝදනාවකි. පුතා රෝයල් දැමු හැටි හෙවු හැටි වගේ නැතිව අධිකරන කොමිසම් සභාව සාධාරන නම් සාධාරන පරීක්ෂණයක් කරනු ඇති. නමුත් එයද විශාල ප්‍රශ්නයකි