IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රංග දිසානායක ගැන ඇත්ත කියන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අල්ලස් කොමිසමේ රංග දිසානායක ජේ.වී.පී. නීති කමිටුවේ  සිටි බවට නන්දන ගුණතිලක කළ ප්‍රකාශය ගැන ආණ්ඩුව උත්තර දිය යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:- (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෝප් කමිටුවේ තීන්දු තීරණ දුන්නත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.ඒක ගැටළුවක්. වංචා දූෂණ අවම කරන්න පුළුවන් වැඩපිළිවෙල හැදෙන්නේ නීතිය ක්‍රියාත්මක වුනොත්. දූෂණය අවම කිරීම සඳහා දූෂණ විරෝධී පනතට අප කවුරුත් ඡන්දය දුන්නා.රාජ්‍ය පාලනය ගැන තිබිච්ච අවිශ්වාසය, දූෂණය විරෝධය නිසා මේ රටේ මිනිස්සු ඔබට ඡන්දය දුන්නා.ඔබලාත්  රටේ මිනිස්සුන්ට ලොකු පොරොන්දු දුන්නා.රාජ්‍ය පාලනයේ විනිවිද බව ගැන ,නීතියේ ආධිපත්‍යය ගැන කතා කළා. විනිවිද බව ගැන දැන් ප්‍රශ්නයක් ඇතිවෙලා. නීතියේ ආධිපත්‍යය තියෙන්නේ තමුන්නාන්සේලාට එරෙහි ව ඉන්න විරුද්ධවාදීන්ට විතරක්ද කියා ප්‍රශ්නයක් තියෙනවා.ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බාහිරව සුළං බලාගාර ව්‍යාපෘතිය ජනාධිපතිගේ හිතවතෙකුට දීම ගැන අල්ලස් කොමිසමේ පැමිණිලි තියෙනවා.කොමිසම ඒ ගැන කතා කරන්නේ නෑ.අනෙක් එක කන්ටේනර් පිටමං කිරීමයි.ඊයේ පෙරේදා එයින්  කන්ටේනර් දෙකක අයිස් හම්බ වුණා.අනෙක් කන්ටේනර් වල මොනවා තිබුනද කියලා කවුද දන්නේ? දැන් අල්ලස් කොමිසම තමුන්නාන්සේලාගේ ගැන හොයන්නේ නෑ. අනිත් ඒවා හොයනවා යනුවෙන්ද මුජිබුර් රහුමාන් මහතා කීය.



අදහස් (7)

රංග දිසානායක ගැන ඇත්ත කියන්න

අරවින්ද මොණරවිල Friday, 26 September 2025 03:43 PM

හැමදාම මොකක් හරි ගොන් කතාවක් කියලා මාධ්‍යයට තමන්ගේ මුහුණ දාගන්න දගළනවා සජිත්ට විතරයි දෙවෙනි...

:       69       36

උකුස්සා Friday, 26 September 2025 03:56 PM

නන්නත්තාර වෙච්චි විපක්ෂය දැන් පිස්සුවෙන් වගේ මොකක් හරි පොටක් පාදාගන්න දඟලන දැඟලිල්ල...

:       59       31

චතුර Friday, 26 September 2025 03:57 PM

ආ එහෙනම් ඒකයි... සියලුම රහස් එතැනින් අනුරට සප්ලයි වෙන්නේ. නොදකින්... ස්තූතියි මුජිබර්, නන්දන රට දැනුවත් කළාට..

:       48       35

Hafeel Friday, 26 September 2025 04:18 PM

වජිර රනිල්ව හොදටම ගොනාට අන්දනවා. තිස්ස කුට්ටි නාමල්ව හොදටම අන්දනවා... මේ මුජීබ් සජිත්ව හොදටම අන්දනවා. අවසානයේ මේ තුන්දෙනාවම ප්‍රතික්ෂේප කරලා...

:       37       13

කපුරුහාමි Friday, 26 September 2025 05:14 PM

නගරාධිපති සිහිනය බොද වුණා. නගරාධිපතිකම තමුන්ගේ පක්ෂයේ කෙනෙකුට දිගන්ඩ ගේමක් දුන්නා. ඒකත් හරි ගියේ නැහැ. දැන් මොලේ විකාර වෙලා ඉන්නේ...

:       21       12

සුධීර Friday, 26 September 2025 05:53 PM

ගලබොඩ අත්තේ හාමුදුරුවෝ හිරේට දාන්න නියෝග කළේ ඒ නිරාගමික වාමාංශිකයානේ

:       0       0

රසික Friday, 26 September 2025 10:23 PM

රංග දිසානායක මහාධිකරන විනිසුරුවරයෙකි. කිසිම විනිසුරුවරයෙකුට තබා වැඩබලන මහේස්ත්‍රාත් ලෙස දවසකට හෝ සිටින නීතිඥයෙකුටවත් දේශපාලන පක්ෂයක සාහාජිකත්වය දැරිය නොහැක. මෙය බරපතල චෝදනාවකි. පුතා රෝයල් දැමු හැටි හෙවු හැටි වගේ නැතිව අධිකරන කොමිසම් සභාව සාධාරන නම් සාධාරන පරීක්ෂණයක් කරනු ඇති. නමුත් එයද විශාල ප්‍රශ්නයකි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 581 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site