(අංජුල මහික වීරරත්න)

රට වෙනුවෙන් දිවි පිදූ 4 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් එච්. පී. එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසා බැලීම සඳහා හේවාදිවෙල, දුල්මුණේ පිහිටි ඔහුගේ නිවස වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ගියේය.

බණ්ඩාර මහතා පරම වීර විභූෂණ (PWV) සහ රණ ශූර (RSP) පදක්කම් වලින් පිදුම් ලැබූ රණවිරුවෙකි.

2009 මැයි 17 වන දින නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පැවැති අතිශය තීරණාත්මක සටනකදී, සතුරු ප්‍රහාර හමුවේ නොසැලී සිටිමින් තමන්ගේ ජීවිතය පවා නොතකා තම සගයන් ආරක්ෂා කරගනිමින් දක්වන ලද අසමසම වීරත්වය සහ නායකත්වය වෙනුවෙන් එච්. පී. එස්. බණ්ඩාර පරම වීර විභූෂණයෙන් උපහාර ලැබූ අතර, පසුව ඔහු මාණ්ඩලික සැරයන් තනතුරට ද උසස් කරනු ලැබීය.

මෙම සංචාරයේදී යුද්ධ හමුදාධිපතිවරයා රණවිරුවාගේ බිරිඳ වන දර්ශනී නයනා වීරගොඩ මහත්මිය ඇතුළු පවුලේ නෑදෑහිතමිතුරන් හමුවී පවුලේ ඉදිරි අවශ්‍යතා පිළිබඳව සොයා බැලුවේය.