(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
යළිත් රට තුළ යුද්ධයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
රට තුළ වර්තමානයේ දී ඇති වී ඇති ත්‍රස්තවාදය තුරන් කිරීමට ජාත්‍යන්තර සහයෝගය ද ලබා ගනිමින් ක්‍රියා කරන බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙය ආගම් පදනම් කරගත් ත්රස්තවාදයක් වුවත් බහුතර මුස්ලිම් ජනතාව එයට විරුද්ධ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
1983දී එල්.ටී.ටී.ඊයට සහය දැක්වූයේ සුළු පිරිසක් වුවත් එය ජාතිවාදී කෝලාහලයක් වීමෙන් තත්ත්වය දුර දිග ගිය බව කී අගමැතිවරයා වත්මන් තත්ත්වය එසේ දුර දිග යාමට ඉඩ නොතබන බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසේ නම් කරුණාකරලා ඉල්ලා අස්වෙන්න. ඔබට රටට කල හැකි ලොකුම සේවය එයයි.
තමන්ගේ වැරදි වහගන්න කියන නිවට කතා..
කරපු හරිය හොඳටම ඇති.. අනේ තවත් මොකුත්ම එපා. තවත් මේ රට ලේ විලක් නොකර පිං අයිති වෙයි අයින්වෙලා යන්න. පහුගිය අවුරුදු 4 තිස්සේ මොවුන්ව නේද හුරතල් කලේ..? මහජාතිය ජාතීවාදීන් කියලා හංවඩු ගහලා හිරේ දාලා අන්තිමට සත්තු වගේ මරලා දැම්මට පස්සේ තවත් මොනවද ඔහේලට ඕනේ..? තමුන් බාරගත්තේ ත්රස්ත්රවාදය තුරන් කරපු රටක්.. ආර්ථිකය හොඳට තිබ්බ රටක්.. අද මුලු රටම ලේ විලක් කරලා. වේදනාව කියාගන්න බැහැ.
බයිලා ගහන්න එපා හලෝ...
නැවත එහෙම නොවෙන්න නම් ඉල්ලා අස්වෙන්න.
මොකද දෙවියෝ පොරොන්දු වුනාද එහෙම කරනවා කියලා?
ආයේ මේ බහුතර බයිලාවක් ගහනවා. බහුතරේ කැමති දේවල්ද මේ රටේ වෙන්නේ? දැන් ඔබතුමාට බහුතරයක් කැමතිද? බහුතරයක් කැමති දේද ඔබතුමා කරන්නේ?
පුළුවන් දෙයක් කියන්න. වොක්ස්වැගන් චුයින්ගම් වගේ. ඕවා ඔයාට බරපතල වැඩියි.
කොහොමත් මේ යනවිදිහට යුද්ධ කරන්න වෙන එකක් නැහැ. මේ අදූරදර්ශී පාලකයෝ තවටික දවසක් උන්නොත් නිකන්ම යටත්වෙයි. ත්‍රස්තවාදය තුරන්කරපු රටේ ත්රස්තවාදයේ බීජ වපුරන්න ඉඩහැරලා, පැලවෙලා, ගස්වෙලා, වනාන්තර වෙනතුරුම නිදාගෙන උන්නු මනුස්සයා නින්දෙන් අවදිවෙලා ත්‍රස්තවාදය තුරන් කිරීමට ජාත්‍යන්තර සහයෝගය ඉල්ලනවා. මොවුන්ට කඩේ යන මිනිස්සුත් ඉන්නවනේ තාම...
83 ජාතිවාදී ප්රශ්නය යොදාගෙන ඔබතුමාලගේ පක්ෂය ජවිපය කහනම් කළා. ඇත්තටම එයට උඩගෙඩි දුන්නේ ඔබතුමාත් සාමාජික වෙච්ච රජයයි. මේ සැරේ මොකටද මේ අය හදන්නේ මිනිසුන් අතර ලොකුවට ජාතිබේද? තියෙන ජාතිබේද අවුස්සන්නේ දේශපාලකයන්ම තමයි.
දැන් ඇතිවෙලා තියෙන්නේ සුනාමියක්නේ
ජාත්‍යන්තර සහය වුවමනා නෑ අගමැතිතුමනි.. අත්අඩංගුවේ, හිරගෙවල්වල ඉන්න අපේ රණවිරුවන්ව නිදහස් කරලා එයාලට බලය දෙන්න. එයාලා දන්නවා කරන්න ඕනෑ දේ. තොප්පිගල කැලෑවක්, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු අයට බැරි වුණාට.
ජාත්‍යන්තර සහය උවමනා නෑ අගමැති තුමනි, අත්අඩංගුවේ, හිර ගෙවල් වල ඉන්න අපේ රණ විරුවන්ව නිදහස් කරලා එයාලට බලය දෙන්න. එයාල දන්නවා කරන්න ඕන දේ. තොප්පිගල කැලෑවක්, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු එවුන්ට බැරි වුනාට.
මුසල්මානුවන් ගැන දන්නා ප්‍රමාණය තමයි ඔය පෙන්නුවේ. ලෝකේ සිදුවීම් දිහා බලලා කතා කරන්න.
යුද්දය තීරණය කොරන්නේ පාර්ශව දෙකකින්. එක පාර්ශවයකට යුද්දය නවත්වන්න පුලවන් පාවාදීමෙන් පමණයි. කලින් කරන්න හැදුවා වගේ.
මෙයිට වඩා මොනවා වෙන්නද ? ඔයා කරපු හැමදේටම ස්තුතියි !
"මෙය ආගම් පදනම් කරගත් ත්රස්තවාදයක් වුවත් බහුතර මුස්ලිම් ජනතාව එයට විරුද්ධ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය" - නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න අගමැතිතුමා!!!
රටම කාලා අන්තිමට මේක දඩමීමා කරගෙන එෆ්.බී.අයි එකත් මේකට රිංගන්න පාර කපලා තව යුද්ධයක් ගැන කියවනවා. තොප්පිගල කැලයක් කියලා හමුදාවට අපහාස කළා. හමුදාවේ කොල්ලො හිරේ දැම්මා. යහපාලනය කියලා අන්තවාදීන් හුරතල් කරලා තව කිඹුල් කදුළු හෙලනවා.