IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යළි බිත්තර ආනයනය කරන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මේ වන විට බිත්තර මිලියන 224ක් ආනයනය කර ඇත.

ඉන් 95%ක ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37 ක දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාව වෙත බෙදා හැර ඇති අතර, බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාලසීමාව 2024-04-30 දිනෙන් අවසන් වී තිබෙන බව රජය පවසයි.

ඒ අනුව, එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්‌මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස අවශ්‍ය බිත්තර තොග ආනයනය කිරීම සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කරන ලදී.



අදහස් (3)

යළි බිත්තර ආනයනය කරන්න කැබිනට් අනුමැතිය

අරවින්ද මොනරවිල Tuesday, 30 July 2024 10:46 AM

රනිල්ගේ චන්ද කැම්පේන් එකට සල්ලි හොයන්නේ රටට බිත්තර විකුණලද ?

:       0       0

Hafeel Tuesday, 30 July 2024 01:29 PM

එතකොට ගිය සතිය නේද කිව්වේ ලංකාවේ බිත්තර පිට රටකට අපනයන කරන්න කැබිනට් අනුමැතිය ලැබුන කියල. අද මේ මෙහම තීන්දුවක් අරන්. මොකද්ද මේකේ තේරුම? අනික රාමසාන් උත්සවයට තව මාස 9 තියන්නේ. දැන්ම රාමසාන් උත්සවය වෙනුවෙන් බිත්තර ආනයන කළා නම්, කුණු වේවි. කියන කරන බොරුවත් අතේ පුපුරන්න නැතුව කියන්න බැහැ. මෙකින් ඉතා පැහිදිලි, මේ රනිල් ආණ්ඩුව සුභ ආරංචි කියල කියමින් සහ රට බංකලොත් භාවයෙන් නිදහස් කළා කියල කියමින් පට්ට පල බොරුවක් කරන්නේ කියල. මේකටද ආයිත් වරමක් ඉල්ලන්නේ?

:       0       0

Lalla Tuesday, 30 July 2024 02:24 PM

දැනට රුපියල් පණහකට විතර දේශීය බිත්තර ඕනෑ තරම් තියෙනවා. රාමසාන් කාලේ ඔයතරම් වැඩිපුර බිත්තර කනවාද? ජරාව කන්න දරන උත්සාහයක් නේද ආනයනය කියන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site