(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ශ්‍රී ලංකාවේ යහපත් සමාජයක් බිහිවීම වළකාලමින්, ඊට අභියෝග ගෙන දෙන ප්‍රධාන මධ්‍යස්ථානය බවට වැලිකඩ බන්ධනාගාරය පත්ව ඇතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද(22) මිනුවන්ගොඩදී පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් පසුව පැවති දෙමාපිය දුදරු හමුවේදීය.
ජාතික මත්ද්‍රව්‍ය වැඩසටහන යටතේ වැඩ කටයුතු කරගෙන යන නාවික හමුදාව සති තුනකට පෙර මුහුදේදී හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් අල්ලා ගැනීමට සමත් වූ බවත් එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බවට හෙළි වී ඇති බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
නීතිවිරෝධී වැඩ කරන රැඳවියන්ගෙන් බන්ධනාගාර පිරී ඇතැයිද, මෙලෙස ජාවාරම් සිදුකරන පුද්ගලයන් සහ ඊට සම්බන්ධ පිරිස හදුනා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැලිකඩ බන්ධනාගාරයේ සිටින 5,000ක්, 6,000ක් පමණ වූ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම හරි ජනපතිතුමනි, මේ සම්බන්ධ දේශපාලකයිනුත් අල්ලමු නේද?
අපිට නම් තිබෙන ලොකුම අභියෝගය මී හරකුන් 225 ලැගලා ඉන්න දියවන්නා ඔය අනාථ මඩම... එමෙන්ම ඔහෙත් එහි ලැගලා ඉන්න තවත් එක අනාථයෙක් විතරයි අපට. මොකද කාලකන්නි 225 නඩත්තු කරනවා කියන එක සුළුපටු වැඩක්ද? හේතුව රට ගැන නොහිතන රටේ ආරක්ෂාව ගැන නොහිතන ගොන් තකතීරු බූරුවන් 225ක් නේ ඉන්නේ...
කරන මිනිහා කියව කියවා ඉන්නේ නැහැ. කළයුතු දේ කරනවා මිස... මේක බබා උපදිනකල් ක්ලිනික් යනවා වගේ රට වටේ කියකියා යනවා. දන්නවා එතකොට වැඩේ කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා.. අන්තිමට රටේ විරෝධය නිසා නවතන්න වුණා කියලා වැඩේ නවත්වනවා... උසාවියෙන් මරණ දඬුවම නියම කලේ රටේ පවතින නීතිය අනුව නම් ජනපතිගේ අත්සන හා වෙලාව ලැබුණු වහාම චුදිතයා එල්ලා මරන්න කියලා මිස ජනපති රටේ ජනතාවගෙන් හා ලෝකේ රටවලින් අවසර අරගත් දාට එල්ලා මරන්න කියලා නෙවේ... මේක ජනතාව මුලා කිරීමක් 88/89 හා 71 කාලවලදී වැරදි කල අයව මැරුවේ කාගෙන්වත් අවසර අරගෙනද? ජනතාව ගොනාට ඇන්දවීම ජනපති වහාම නතර කළයුතුය. බත් කන ගවයින් දේශපාලකයින් වටේ උන්නාට රටේ මුළුමහත් ජනතාවම හරක් නොවේ.. ඒක හොඳින් ජනපති වටහා ගත යුතුයි.
යහපත් සමාජය ගැන මා කතා කලේ 2015 දී..// සෝභිත ස්වාමින්වහන්සේ වැඩසිටියේ එකලදී..// දැන්නම් යහපත් සමාජය කොහේදැයි තිබෙන්නේ..// කියනවා බලන්නට කට ඇරලා ඔහේගේ කටින්..//
වැලිකඩ හිර ගෙදරද? දියවන්නාවේ මහා ගෙදරද? කියන එක මහජනතාව හැටියට අපිට ප්‍රශ්නයක්...
බන්ධනාගාරයකට ඇයි කාගෙවත් නමක් දාන්නේ නැත්තේ? කටුනායක ගුවන් තොටුපොල බණ්ඩාරනායක වුණා. කෙත්තාරාමේ ප්‍රේමදාස ක්‍රීඩාංගණය වුණා. හම්බන්තොට පොර්ට් හදලා මහින්ද රාජපක්ෂ වුණා. බන්ධනාගාරයකට මගේ නමවත් දාලා බලන්න මිනිස්සු හැදෙයිද කියලා බලන්න... ඔන්න ඔය විදියට තමයි ලංකාවේ පැරණි නම් මැකී ගිහින් ඉතිහාසය මැකී යන්නේ. එක එක පැතිවල දමිල නම්.. ඉස්ලාම් ආගමට සම්බන්ධ නම්... ඇමරිකාව සමග හොර ගිවිසුම් ගහනවා කියකියා ඉන්නවට වඩා හොඳයි ඒ ඒ ප්‍රදේශයේ තිබුණු පැරණි නමම යොදා ගොඩනැගිලි නම් කරනවා නම්...
වැලිකඩ හිර ගෙදර නිලධාරී රැඳවියන්ගේ ජාවාරම්වලට උදව්කරන බව මුළු රටම දන්නා රහසක්, රටේ සේනාධිනායකකම සහ ආරක්ෂක ඇමතිකම අවුරුදු 4 කට වැඩිකාලයක් ඉසිලූ ඔබතුමා එ්ක දැනගත්තේ අදද?