(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ යොවුන් ගායන ශිල්පිනියක වන යොහානි ද සිල්වා සහ ගායන ශිල්පි සතීශන් රත්නායක ගායනා කළ ගීතයක් ලෝකය පුරා බෙහෙවින් ජනාදරයට පත්වෙමින් ලෝක වාර්තාවක් තබා ඇති හෙයින් එම දෙදෙනාට විශේෂ ගෞරවයක් ලබා දෙන්නැයි තමා යෝජනා කරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය.
එම දෙදෙනා ගායනා කළ "මැණිකේ මගේ" ගීතය ලෝකය පුරා එක් කෝටි දහ අට ලක්ෂයක් දැනට නරඹා ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
ශ්‍රී ලංකාවේ ගීතයක් ලෝකය පුරා මෙලෙස ඉහළම මට්ටමට ගිය පළමු අවස්ථාව මෙය බව පැවසූ ජයමහ මහතා එම දෙදෙනාගේ ගීතය අගය කිරිමේ පියවරක් ලෙස ඉන්දියාව විසින් යොහානි ද සිල්වා සංස්කෘතික තානාපතිවරියක ලෙස පත්කරනු ලබා ඇති බවත් ප්‍රකාශ කළේය.
මේ දෙදෙනාට මැතිසබයේ ඉහළම ගෞරවය දැක්විය යුතු බව නලින් බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයට ඒ වැඩේ කර ගන්න ඉඩ දීලා දේශපාලකයෝ පැත්තකට උනා නම් තමයි හොඳ.
නලින් බණ්ඩාර මහත්තයෝ..., අර ලංකාවේ ඉන්න සමහරක් නින්දිත නලා කාරයින්ට වගේ රාජ්‍ය ගෞරව යෙහානි වගේ දක්ෂ කලාකාරිනියකට අවශ්‍ය නැහැ. ඇය දැනටමත් ලාංකීය හා ලෝක ජනතාවගේ ගෞරවයට හා ආදරයට පත්වී හමාරයි. ලංකාව කියන කුඩා ළිඳ ඇතුලේ සද්දෙට බක බක ගාමින් ලොකුවට හිතාගෙන ඉන්න නලාකාරයින්ට ඔබලාගේ දේශපාලන සම්මාන දෙන්න. එ්ත් කරුණාකර මේ යොහානි කියන තරුණ, දක්ෂ කලාකාරිනියව දේශපාලනීකරණයට ලක්කොට විනාශ කරන්න හදන්න එපා...
අමරදේව අසපුව ගෙනල්ලාම විශේෂ ගෞරවය ලබා දෙන්න.
ඉතා හොඳ යෝජනාවක්.
ලංකා මාතාවට ලෝකයා ඉදිරියේ ඉහළට ඔසවා තැබීමට මේ දරුවන් දෙදෙනා කළ මෙහෙවර අප හදවතින්ම අගය කරන අතර ඔවුන්ට කලගුණ සැලකීමද කළයුතු බව කිව යුතුයි. එහි කිසිඳු වැරැද්දක් අප නම් කිසිවිට නොදකින අතර මේ දේශපාලුවා නම් මාන බලන්නේ ගලායන දියපහරින් ලකුණු දමාගැනිමක් බව නම් 100%ක් විශ්වාසයි. ඊළඟ බලු පොරයේදී මමයි යෝජනා කලේ මේ අයට මෙසේ සැලකිය යුතුයි... ඒ නිසා තිරිසන් මට ඔහේලාගේ ඡන්දය දෙන්න යන්න වක්‍රව හෝ කියනු නියතයි.
දක්ෂතාවය සදාකාලිකයි. ජනප්‍රියතාවය තාවකාලිකයි.
මැතිසබයේ ඉහළම ගෞරවය දැක්විය යුතුයි? ගීතයක් ජනප්‍රිය වීමෙන් මිනිසුන්ට කවර ප්‍රයෝජනයක් ද? ගීතයත් හිස්, ජනප්‍රියත්වයත් හිස්. කාමයේ ආස්වාදයට රැවටුණු මිනිසුන් කාමාස්වාදයෙන් මුසපත් වෙනවා. කාමයේ ආදීනව නොදකින මිනිසුන්ට යථාර්ථයෙන් වටිනා දේ පේනෙන්නෙත් නෑ, නොවටිනා දේ පේනෙන්නෙත් නෑ. වැරදි දෘෂ්ටියෙන් නොවටිනා දේ වටිනා යැයි හිතනවා. ඔයිට වඩා හොඳයි කුඹුරු කොටන ගොවි මහතෙකුට ගෞරවය දැක්වූවා නම්.
ඒ පොඩි එකීට පාඩුවේ වැඩක් කරන් ඉන්න දීල,බොල බොලාගෙ වැඩ බලගනිල්ල. පොඩි ඒකී ජාතියේ පිනට පහළ වූ මැණිකක්.ඒ පොඩි එකී දේශපාලනයට ගාව ගන්න එපා.කිසිම කලාකරැවෙක් දේශපාලනයට ගාව ගන්න එපා.ඒ අයට පාඩුවේ කලාවෙ වැඩ කර ගන්න දෙන්න.බොල බොලාගෙ වැඩ කරගනිල්ල.උඹල වගේ නොවෙයි,ඒ පොඩි එකීට ඉන්දියාවට ගිහිං සංදර්ශණයක් දෙකක් කලොත් ලංකාවෙ සම්පූර්ණ ණය ටික ගෙවන්නත් හැකියාව තියෙනව.ඒ නිසා ඒ දරැවට පාඩුවේ ඉන්න දීපල්ලා. අපෝ බොලාගෙ සම්මාන නොදකිං. මේක දැන් ජාතික සම්පතක්.
සුබ පැතුම්
දැක්කා නේද එයාට තියෙන ප්‍රශ්නය . මෙවැනි එවුන් පාර්ලිමේන්තු එවපු එක ගැන සැබැවින්ම කණගාටුදායක යි