(රෝෂන් තුෂාර)
වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනින් අයථා වත්කම් රැස් කිරීම සම්බන්ධයෙන් තවත් නඩුවක් ඉදිරියේදී ගොනු කරන බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද(27) පැවසීය.
නීතිපතිවරයා වෙනුවෙන් ජෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා සඳහන් කර සිටියේ. 2006 නාවික හමුදාවට බැඳී 2016 වැඩ තහනමට ලක් යෝෂිත රාජපක්ෂ සැකකරු 2013 වසරේ දී රුපියල් ලක්ෂ 500 ක ඉඩමක් මිලදී ගැනීම,csn නාලිකාව පවත්වාගෙන යමින් මුදල් රැස් කිරීම ඇතුළු තවත් විමර්ශන ගණනාවක් රහස් පොලිසිය සිදු කරන බවය.ඊට අදාළ නඩු නුදුරේදී අධිකරණයට ගොනු කිරීමට කටයුතු සම්පාදනය කරන බවත්ය.
රත්මලාන පෙදෙසේ රුපියල් ලක්ෂ 340 කට අධික වටිනාකමින් යුත් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයියන්ට දැන් සැපද ? අවුරුදු 10ක් සේවය කරලා හම්බ කරලා තියන හරිය. දෙයියෝ සාක්කි.
ආයෙමත් ඒසී වාහන හයිවේ එකේ බෙලිඅත්තට යවලා බොරු ෂෝ දාන්න එපා. නඩු දිනේට උසාවියට එන්න කියලා කෙලින්ම ඇප දෙන්න…. රාළහාමිලත් ටයි පොලු එල්ලාගෙන මාංචුවක්වත් නැතුව සුදු ඇදගෙන ගියේ. …. බලන්න තිබ්බා වැරදිලාවත් කිතුලක් මැදගන්න කෙනෙක් ගහකට නැගලා අහුවුණා නම්. … සතියකට ඇප ඉල්ලේ….
කොරයි කියලා තමයි බය
ඇප දුන්නා කියා කියා වැළලෙන සෙට් එකට මේ කියන්නේ යකුනේ රටේ නීතිය පොඩ්ඩක් ඉගෙන ගනියව්! ඇප නොදෙන්න නම් බරපතල බාල අපරාධයක් හෝ රාජ්‍ය දේපල සම්බන්ධ වරදක් වෙන්න ඕන. ඇප දීම කියන්නේ නිදහස් කිරීම නෙමේ.නඩුව අහන තුරු තාවකාලිකව කරන නිදහස් කිරීමක්.එහෙම කරන්නේ නඩුවෙන් ඔප්පු වෙලා නිදොස් වුනොත් ඒ කාලය තුල හිරේ දාල තියෙන්නේ නිවැරදි මිනිහෙක් නිසා.
ආයෙමත් "හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ" කියන (අවනම්බු) නාමය අනවශ්‍ය විදියට මේ පුවතටත් එකතුවෙලා !!! බයියලා චූන් වෙලා රජයට දෙහි කපනවා, අහිංසක, සාධාරණ රාජපක්ෂ පවුලෙ අය කූඩුවේ සිරකරනවා කියා. පොල් ගණන් නිසා දැන් දේවාල ඉදිරිපිට, මාලිමා රජයට එරෙහිව පොල් ගහන්නත් බැරිලු ! එවා කොහොම වුණත්, අප්පච්චිගෙ බලයෙන් කරපු හොරකම්, වංචා වලට දැන්වත් ගෙවිය යුතුවේ !!!