
(ගයාන් සූරියආරච්චි)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේදී අත්විලංගු භාවිත නොකළේ ඔහු අත්අඩංගුවෙන් මිදී පලායෑමට උත්සාහ නොකිරීමත් එම අවස්ථාවේ සිටි විමර්ශන නිලධාරියාගේ තීරණය අනුව බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේදී අත් විලංගු නොදැමීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.
එම මාධ්‍ය හමුව ඊයේ (26) බත්තරමුල්ල, සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසූවේ යෝෂිත රාජපක්ෂ මහතාගේ දෙහිවල පිහිටි නිවෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගිය අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවට ලද තොරතුරකට අනුව ඔහු බෙලිඅත්ත අධිවේගී පිටවීමේ පොලිස් මුරපොළ ආසන්නයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව මනතුංග මහතා පැවැසීය.
පොලිසියෙන් සිදුකරනු ලබන විමර්ශන සදහා කිසිසේත්ම දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් නොමැති බවත් ආරක්ෂක අමාත්‍යවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට අත්විලංගු නොදමනන ලෙස කිසිම මොහොතක පවසා නොමැති බවත් අමාත්‍යවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා හෝ ජනාධිපතිවරයා හෝ මෙහි විමර්ශන කටයුතුවලට මැදිහත්වී නොමැති බව මනතුංග මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල අසීමිතව දේශපාලනීකරණය වී හමාරයි. බොරුවෙන් පාලනයට ඇවිත් වෛරයෙන් පිනුම් ගහන පවකුයි පෙනෙන්නේ. සියල්ල අනිත්‍ය වග ඔවුන්ට මඳක් හෝ වැටහේ නම් මීට වඩා පරිිස්සම් වනු ඇතැයි සිතමි.
හොරු අල්ලන්න කියලා අභියෝග කරනවා. අල්ලනකොට කෙඳිරි ගානවා පලිගැනීම්ලු. හරියට නිකං ජාතිය ගලවා ගත්තයි කියන කෙනාම ජාතිය විනාශකෙරුවා වගේ. තවත් හරියට නිකං ජාතියේ පියා, නිදහසේ පියා සම්පූර්ණ නිදහසක් අපිට එපා, අපි එකතුවෙලු රට පාලනය කරමුයි කිව්වා වගේ...
තිබුණයි කියලා ප්‍රශ්නයකුත් නෑ. විය යුතුදේ විය යුතුයි.
තාමත් ජෙප්පෝ යන්නේ "රාජපක්ශ රාජපක්ශ" පචයෙන්.......ලපයා දවසක මැරෙන්නෙ පචයක් උගුරෙ හිරවෙලා.
බයි සන්සදයට දැන් වැස්සත් ඒක දේශපාලන බලපෑමක් පෑයුවත් එකත් දේශපාලන බලපෑමක් කියලා මරලතෝනී දෙනවා ඇරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ.
ඩේසි ආච්‍චිගේ මැණික් මල්ල විශ්වාස කරන බූරුවන් මේ පිටුව කියවන බව පැහැදිලියි. හරිම අමාරුයි මේවා හොයනකොට, කටු කාපු අයට බොහොම රිදිලා වගේ..
මහා ජනයා ජනමාධ්‍ය මගින් විමසන "යෝෂිත හොරාට මාංචු දැම්මේ නැත්තේ ඇයි?" කියන ප්‍රශ්නයෙන් මනාවට පෙන්නුම්කරන්නේ රාජපක්ෂ හැතිකරේ කෙරෙහි රටේ ජනතාවගේ තිබෙන මහත්වූ අප්‍රසාදයයි!!!
පච කියන මිනීමරපු අයට මොනවද කරන්න බැරි…? ජෙප්පෝ රැල බය කාදිනල්ටයි, LTTE ඩයස්පෝරා උන්ටයි විතරයි.
නෑ, යෝෂිතව දවස් කීපයකට ඇතුලට දාන්නේ වරායෙන් හොරෙන් පිට කල කන්ටේනර් මගඩිය යට ගහන්නයි. හාල් ප්‍රශ්නය යට ගහන්න මහින්දගේ නිල නිවස ඇදල ගත්ත වගේ. ඊලඟට වී ගොවියන්ගේ ගැටලුව ආවහම නාමල්ව අත්අඩංගුවට ගනියි. අලුත් ක්‍රම හොයාගන්න. ජනතාව අවදියෙන්.
පොලිස් ඇමතිතුමාගේ හැසිරීම නම් පාර්ලිමේන්තුවේ අන්තිමයි. ඉවසීම බින්දුවයි. කේන්ති ගිහින් වෙවුලනවා කතාකොරනකොට. ඔහොම නම් බැරිවෙයි ඉදිරියට යන්න. ටිකක් වැදගත් වෙන්න වෙයි. ජනාධිපති තුමා මේ ගැන හිතන්න වෙයි. රටේ ජනතාව ඔක්කොම මැට්ටෝ නෙමෙයි...... පොලිස්පති තුමාත්ඔය අන්තර්ජාලයේ කොටන හැම එකකටම උත්තර දෙන්න යන්නේ නැතිව කතාව අඩු කරලා ටිකක් වේගයෙන් වැඩ කෙරුවොත් හොඳයි. අනුන්ගේ අඩුපාඩු, වැරදි කියව කියවා ඉඳලා හරියන්නේ නෑ.රටේ මිනිස්සු තියපු බලාපොරොත්තු දැන් ටික ටික බොඳ වේගන වාගේ එන්නේ......
ෂෝ එක ඉවරායි….. දැන් පරිස්සමින් ගෙවල්වලට යන්න….