
(යොහාන් භාසුර)
නියඟය හේතුවෙන් යාල වනෝද්‍යානය තුළ ජලය නොමැතිවීමෙන් වන සතුන් පත්ව ඇති ඛේදනීය තත්වය පිළිබඳව අවදානය යොමුකර සංචාරක මඟ පෙන්වන්නන් පිරිසක් ‘සිනමන් වයිල්ඩ්’ ප්‍රධාන මාර්ග පිවිසුම අසළ කුඩා වැවට ජල පිරවීම ඊයේ (27) ආරම්භ කළහ.
සංචාරක මඟ පෙන්වන්නන් 60 ක පමණ පිරිසක් එකතුව පෞද්ගලික මුදලින් එම වැවට ජල බවුසර් 24 ක් පුරවන බවත් ඉන් පසුව රටේ පුරා සිටින වන සතුන්ට ආදරය කරන පුද්ගලයන් සහ ආයතන ජලය පිරවීම ඉදිරියට ගෙනයනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සංචාරක මඟ පෙන්වන්නෝ පවසති.
ජලය පිරවීමෙන් පසුව අලි ඇතුන් ඇතුළු වන සතුන් රැසක් ජලය පානය කිරීම සඳහා පැමිණි බව ද ඔවුහූ පැවසූහ.
යාල වනෝද්‍යානය තුළ ජලාශවලට ජලය පිරවීමට අවසර ඉල්ලා සිටිය ද බලධාරීන් අවසර නොදීම නිසා වනෝද්‍යාන බලප්‍රදේශයෙන් පිටත පිහිටි මෙම වැවට ජලය පිරවීමට පියවර ගත් බව ඔවුහූ පැවසූහ.
ජලය ලීටර 15,000 ක බවුසරයක් සඳහා රුපියල් 8,000 ක මුදලක් වැය වන බවත් ඕනෑම කෙනෙක්ට බවුසර් ඇනවුම් කර එම වැව පිරවිය හැකි බවත් සංචාරක මඟ පෙන්වන්නෝ කීහ.

2025 දෙසැම්බර් මස 18
359
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාල සතුන්ට සංචාරක මඟ පෙන්වන්නෝ පිහිට වෙති
වන්නකු Tuesday, 29 August 2023 05:59 AM
සත් ගුණවත් ක්‍රියාවක් .
wedage Tuesday, 29 August 2023 10:08 AM
කොළඹ ප්‍රදේශයේදී විරෝධතා කරුවන්ට ගහන වතුර බව්සර් ටික යවන්න බැරිද රනිල්