IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යලේ වැඩ සිංහල අවුරුද්දට කලින්

(අංජුල මහික වීරරත්න)

2024 යල කන්නයේ වී වගා කටයුතු මාර්තු අවසන් සතියේ සිට අප්‍රේල් පළමු සතිය දක්වා කාලයේ ආරම්භ කිරීමටත් ඒ අනුව මහවැලි හා වාරිමාර්ග ජලාශ යටතේ ජලය නිකුත් කිරීමටත් අද (13) තීරණය කරනු ලැබීය.

2024 යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම පිළිබඳ විශේෂ ජල කළමනාකරණ සාකච්ඡාව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබිණි. අනෙකුත් බෝග වගාවන් සඳහා අප්‍රේල් තුන්වන සතියේ සිට ජලය නිකුත් කිරීමට එහිදී තීරණය විය.

මහවැලි ජලාශ වල දැනට ඇති ජල ප්‍රමාණය 94%ක් වන අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල 91%ක ජල ධාරිතාවක් පවතින බව මෙම රැස්වීමේදී අනාවරණය විය.

යල කන්නයේ වගාව සඳහා අවශ්‍ය සමස්ත ජල ප්‍රමාණය මේ වනවිට ජලාශ සතුව පවතින අතර එමඟින් වගාවන් සාර්ථක කර ගැනීමට හැකියාව ඇතැයි මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසූයේ දැනට පවතින කාලගුණික තත්ත්වය අනුව පෙබරවාරි මාර්තු මාස වල තවදුරටත් වියලි කාලගුණික තත්ත්වයක් පවතින අතර, අප්‍රේල් මාසයේදී ඊසාන දිග මෝසම් සුළඟ සක්‍රීය වීමත් සමඟ වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බවයි.

 



අදහස් (0)

යලේ වැඩ සිංහල අවුරුද්දට කලින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site