(අමිල සම්පත්)

යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වන සතුන්ට හිංසා වන පරිදි නීති විරෝධීව හැසිරුණැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා එක් අයකුරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි  තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා නියෝග කළේය.

උද්‍යානය තුළ වාහනයෙන් බැස වරද සිදු කිරීම හා නීති විරෝධී රිය ධාවනය කළ බවට චෝදනා ලැබුවේ මුණසිංහගේ ධනුෂ්ක ප්‍රසාද් සහ වරුණගම තිස්සමහාරාම ආර්.ඒ.සුරේෂි චතුරංග  යන  අයයි.

නීති විරෝධී රිය ධාවනය කළ බවට චෝදනා ලැබූ හස්මීඩීන් මොහොමඩ් සාෆික්, මොහොමඩ් ගවුස්, මොහොමඩ් සුවෙර්, එස්.එච්.බුද්ධික චතුරංග, අබ්දුල් රකීඛ මොහොමඩ්, පී.ජී.එස් අංජුල, ආර්.එම්.සම්පත්, ඩී.එම්.මයුර ලක්ෂාන් යන අයයි.

වනජීවි බාරයට ගත් ජීප් රථ අධිකරණය බාරයේ තබන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

 


වනජීවී බාරයට ගත් වාහන