
(අමිල සම්පත්)
යාල වන සංරක්ෂණ පේරක කලාපයේ රොටවැව සහ ජූල්පතාන වැව අතර තිබූ ඉපැරණි පළුගස් කපාගෙන යමින් සිටි පෞද්ගලික කොන්ත්‍රාත්කරුවකු අත්අංගුවට ගත් බව ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරි කපිල ජෝතිමුනි මහතා සඳහන් කරයි.
මේ වන විට විශාල කඳන් 20 ක් පමණ කපාගෙන ගොස් ඇතැයි වනසංරක්ෂණ කාර්යාලය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කොන්ත්‍රාත්කරුවකු බවත් ඔහු මේ දිනවල පොලිසියක නේවාසිකාගාරයක් ඉදිකරමින් සිටින බව වාර්තා වෙයි. සැකකරු මෙම ගස් කපා ඇත්තේ එම නේවාසිකාගාරයේ ප්‍රයෝජනය සඳහා දැයි සැකකරුන බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.
මෙම සිද්ධිය ඊයේ රාත්‍රී 10 ට පමණ වාර්තා වූ බවත් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අද උදෑසන කළ මෙහෙයුමේදී ප්‍රධාන සැකකරු කඳන් කීපයක් සමග තිස්සමහාරාම වලගම්පත්තුව ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව බීටු නිලධාරි කපිල මහතා සඳහන් කළේය.
එම සැකකරුවන් පලුගස් කපා විශාල කඳන් රැගෙන ගොස් ඇති අතර රැගෙන යෑමට නොහැකි වූ කඳන් දමා ගොස් ඇති ආකාරය එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.
මේ පිළිබඳව කිරින්ද පොලීසියෙන් අප කළ විමසීමකදී එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැතැයි ද නේවාසිකාගාරය ඉදිකරන්නේ කොන්ත්‍රාත්කරුවකු බවත් කිරින්ද පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති රුවන් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරි ගයාන් ප්‍රසන්න මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ කරුණු වාර්තා වී නොමැති බවත් ඒ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවත් කියාසිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේපළ රාජසන්තක කළ යුතුයි...