(අංජුල මහික වීරරත්න)
වී වගා හෙක්ටයාරයකට පළමු මුරය සඳහා නිකුත් කරන පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 50ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මින් පෙර හෙක්ටෙයාර් එකකට ලබා දීමට නියමිතව තිබුනේ යුරියා පොහොර කිලෝග්‍රෑම් 40කි. ගොවි ජන නියෝජිතයින් කළ ඉල්ලීම් සැළකිල්ලට ගෙන කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල පියවර ගන්නැයි අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දුන්නේය.
මීට අදාල චක්‍රලේඛය ලබන අඟහරුවාදා (8)නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
මේ අතර මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා වී වගාවට අවශ්‍ය යුරියා සම්පූර්ණ ප්‍රමාණයම ලබා දීම සංකේතවත් කරමින් ඊයේ (06) මඩකලපුව ලංකා පොහොර ගබඩාවට පොහොර ලබා දීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදුවිය. ඒ අනුව ලංකා පොහොර සමාගම විසින් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 180ක් හා කොමර්ෂල් පොහොර සමාගම විසින් මෙට්‍රික් ටොන් 125ක් මඩකලපුව දිස්ත්‍රික්කයේ වී ගොවීන් සඳහා බෙදාදුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යූරියා සාද්‍රණය වැඩි කරයි