(අංජුල මහික වීරරත්න)

යූරියා මෙට්‍රික් ටොන් 12500ක් රැගත් නෞකාවක් අද රාත්‍රී කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඩොලර් මිලියන 110ක ලෝක බැංකු ණය ආධාර යටතේ ලැබෙන පළමු  ටෙන්ඩරයේ පොහොර තොගය මෙයයි.

දෙවන ටෙන්ඩරය යටතේ යූරිය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් මෙරටට ලැබීමට නියමිත අතර එම යූරියා තොගය ලබන මාසයේදී ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.