(සුජිත් හේවාජුලිගේ)
යූරියා නොමැතිකම නිසා රටපුරා තෘණ භූමි විනාශවීමේ බරපතළ අවදානමක් මතුවී ඇතැයි වාර්තාවේ.
තෘණ සහ සෝගම් අස්වැන්න මෙලෙස අඩුවීම නිසා කිරි එළදෙනුන්ට සහ ගවයන්ට ප්‍රමාණවත් පරිදි ආහාර සැපයීමද බරපතළ ප්‍රශ්නයක්වී ඇතැයි කියති.
මේ සම්බන්ධයෙන් අප ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ යූරියා නොමැතිකම නිසා තෘණ සහ සෝගම් අස්වැන්න විශාල ලෙස පහත බැස ඇති බවයි.
සෝගම් අස්වැන්න දින 70 කින් කැපීමෙන් පසු නැවත දලු ලෑම සඳහා ඊට යූරියා ඉසින බව පැවසූ මහාචාර්යවරයා යූරියා වෙනුවට කාබනික පොහොර ඉසීමෙන් අපේක්ෂිත අස්වැන්න ලබා ගත නොහැකි බවද ප්‍රකාශ කළේය.
ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ රටපුරා පවතින තෘණ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 4000කි.
මේ අතර ජාතික පශු සම්පත් මණ්ඩලය නුවරඑළිය සීතාඑළිය ප්‍රදේශයේ බීජ අර්තාපල් නිෂ්පාදනය කිරීම සිදුකරන අතර දිලීරනාශක හිඟය නිසා එම කටයුතුද බෙහෙවින් අඩාලවී ඇතැයි මහාචාර්ය මාගමගේ මහතා පැවසීය.
මේ අතර සත්ව ආහාර ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් නොමැතිවීමද බරපතළ ගැටලුවක් බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.
කෙසේ වෙතත් මෙම සියලු බාධා මැද මණ්ඩලය අවශ්‍ය ඉලක්ක කරා මෙහෙයවන බව මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා වැඩිදුරටත් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ ඉන්න ඔල මොට්ටයින්ට මේක කවදා තේරෙන්නද? වහාම ඉල්ලා අස්වෙලා කරන්න පුළුවන් කෙනෙකුට දීලා ඇමෙරිකාවට තොළොන්චි වෙලා පලයල්ලා...
හපොයි, ලක්ෂ 69ට දැන් කන්න වෙන්නේ මොනවද සර්..?
දිගටම යූරියා ගහලා පසේ ජීවය නැතිවෙලා. ඉස්සෙල්ලාම ඉවසීමෙන් ඒක හදාගන්න. නැතුව නැවතත් වස යූරියා ගහන එක නොවෙයි විසඳුම... මේ පොළවේ තණකොළ වැවෙන්නත් යූරියා ඕන කියනවා නම් ඒක ලැජ්ජාවට කාරණයක්...
කෝට්ටක් විසිකරත් පැලවෙන රටේ ගගා... රට පම්පෝරි ගැහුවාට තණකොළ වත් වැවෙන්නේ නෑ...
මොන තෘණ බිම විනාශ උනත් කම් නැත .දියවන්නාවේ තෘණ බිමනම් තියෙන්නම ඕනේ එකක්.ඒක නම් විනාශ වෙන්න දෙන්න එපා හොඳේ