
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යූරියා ගෙන්වීමට තමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කරන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
අද වකුගඩු රෝගීන්ද රසායන පොහොර ඉල්ලා උද්ඝෝෂණයේ යෙදී සිටින බවද ඒ ඇයි දැයි තමාට ප්‍රහේලිකාවක් බවද හෙතෙම සඳහන් කළේය.
පොස්පරස් පොටැසියම් මේ රටේ තිබුණද නයිට්‍රජන්වල ප්‍රශ්නයක් තිබෙන බව පැවසූ චන්ද්‍රසේන මහතා ලබන වසර සඳහා යූරියා සියයට 50ක් ගෙන්වා 2023වර්ෂයේ දී එය සියයට 25ක් දක්වා අඩු කරගෙන ඊට පසු කාබනික පොහොර වැඩපිළිවෙළට යා හැකි බවද පැවසුවේය.
ජනාධිපතිවරයා කාබනික පොහොර තීරණය ගත්තේ සද්භාවයෙන් බවද වකුගඩු රෝගීන් ගැන සිතා ඔහු මෙම තීරණය ගෙන සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටි බවද ඇමතිවරයා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත් කෙටුම්පත, සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ නියෝගය, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර පිස්සු නටන්නේ නැතිව ගොවියන්ට අවශ්‍ය පොහොර ටික ලබාදෙන්න... නැතිනම් ඔතන කළු කඩයක් නිර්මාණය වෙලා වෙන්නේ විශාල අවුලක්.. ජනාධිපතිලාට සහ ඇමැතිලාට ඕනෑනම් කාබනික පොහොර හෝ චීන අසූචි දමලා ඔබලාගේ පුද්ගලික කුඹුරුවල කාබනික පොහොර දමලා වී වගා කරන්න. අපිට කන්න නැති වුණත් අපි කොළඹ ඇවිත් ඔය දියවන්නාව වට කරලා ඔය ආණ්ඩු පක්ෂයේ ඉන්න හරක් ටික දියවන්නා ඔයට දමනවා...
ජනතාව ගොනාට අන්දන්න එපා. ඔය ගොල්ලන්ගේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කරලා තියන්නේ වසර 10 ක් තුළ ක්‍රමානුකූලව කාබනික පොහොරවලට යනවයි කියලා මිස එක පාරටම නොවේ. ඔය ගොල්ලන්ට ඩොලර් නැති ප්‍රශ්නය නිසා පොහොර ගෙන්න ගන්න බැරි තත්වයක් තුළ ජනතාව රැවටෙනවා. අනික පොහොර නොමිලේ දෙනවායි කියලනේ මැතිවරණ පොරොන්දු...
දැනට වී වපුරා ඇති කුඹුරුවල ගොයම් යූරියා ගෙනෙන තුරු බලා සිටීද? ඇමැතිතුමා අපිට දෙනවා කියපු මුදලුත් බැංකුවට දාලා නැහැ.. කොම්පෝස්ට් පොහොර නැහැ.. මොකද කරන්නේ ඉක්මණින් කියන්න.
එයාලගේ සද්භාවයේ මිනිස්සු දන්නවා ඒක නෙමෙයි ප්‍රශ්නේ... ඩොලර්නේ ගේන්නේ ඒකයි නැවතුණේ ... වකුගඩු හින්දා නෙමෙයි.
බාගෙට කෑවත් වස වසමයි.
යූරියා කාබනිකද?
හමුදාවට අණ දෙනවා වගේ ගස්වැල්වලට නියෝග දෙන්න බැරි බව දැන්වත් තේරුම් ගත යුතුයි. ගොවි ජනතාව හමුදා බල ඇණියක් නොවේ. නිවැරදි දැක්මක් නොමැති රාජ්‍ය පාලකයෙක් ඇති රට කප්පිත්තෙක් නැති නැවක් මෙනි.
දැන් හෙමින් පල්ලම් බහිමු...
කට්ටිය අයින් වෙන්න වාහනයක් රිවස් කරනවා.
යූරියා පාවිච්චිය නිසා වකුගඩු රෝග ඇතිවන බවට විද්‍යාත්මක සාක්ෂි තිබේද?
මහින්දානන්ද කෝ? ඔහු යූරියා ඕඩර් කළ යුතුයි.. ඔබ නොවෙයි..!!!
ඉක්මණට.. මම හාන්න වෙලට අඩිය තිබ්බා විතරයි.
නැවට කපිතාන් කෙනෙක්ද ඕන...? ඇමරිකාවේ තව ඥාතීන් ඉන්නවද බලමු... ද්විත්ව පුරවැසියා වුණත් ඉතින්...
යූරියා නම් ගෙන්වන්න එපා. කාබනික ගොවිතැන දියුණු කරමු...
මේ සියල්ලෙන් එකක් පැහැදිලි වුණා. සාමාන්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නන් කරනා සැලසුම්කරණයට පවා ජනාධිපති ඇතුළු මෙවැනි ඇමැතිවරුට පුහුණුවක් පලපුරුද්දක් නැහැ. සම්බන්ධීකරණය කරන්නේ තමා වටා ඉන්නා නූගත් හෙංන්චයියන් හා ජාවාරම්කරුවන් නිසාදෝ ඒවා හැමවිටම සැක සහිත ගනුදෙනු යැයි චෝදනා ලබති. ජනපති දරදඬු ලෙස ‘රසායනික පමණයි’ කියනවිට මේ ඇමතිවරුද ගිරව් සේ එසේ කියති. ඒ කියන්නේ වහල් බව නිසා හෝ මෝඩකම නිසා විය හැකියි. කොටින්ම කිවහොත් එදිනෙදා වැල යන අතට මැස්ස ගහන එක ඇරෙන්නේ මේ වගේ අයට කළ හැකි දෙයක් නොමැති ගාණයි.
රජයේ තිබිය යුත්තේ එක වචනයයි...
පොහොර විතරක් කාබනික වුනාම ඇතිද ?වල නාශක ,කෘමි නාශක එහෙම රසායනික වුනාට කමක් නැද්ද ?ඒවාගෙන් පිළිකා කාරක ,වකුගඩු ආබාධ හැදෙන්නේ නැතිද ?