( තිළිණි ද සිල්වා )
තුර්කිය හරහා යුරෝපයට සංක‍්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් 558 දෙනෙකු තුර්කි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන ආනදෝලූ ප‍්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර සිටී.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එරට බටහිර එඞ්රින් පළාත හරහා යුරෝපා දේශ සීමා වෙත නීතිවිරෝධී ලෙස සංක‍්‍රමණය වීමට උත්සාහ කළ සංක‍්‍රමණිකයින් පිරිසකි.
ලාංකිකයින්ට අමතරව අත්අඩංගුවට පත් 558 දෙනා අතර පකිස්ථාන්, බංග්ලාදේශ,ඇෆ්ඝනිස්ථාන ,මෙරොක්කෝ ,ටියුනීසියා ,ඉරාන ,ඉරාක ,පලස්තීන , ඊජිප්තු සහ සිරියා ජාතිකයින් සිටින බවද ආනදෝලූ ප‍්‍රවෘත්ති ඒජන්සි වාර්තාවේ සඳහන් වේ.
සිරියාවේ සිවිල් යුද්ධය හේතුවෙන් අවතැන් වූ සිවිල් වැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුර්කියට පළා ආ අතර 2018 වසර අවසානය වන විට නීතිවිරෝධි සංක‍්‍රමණිකයින් දෙලක්ෂ 18,000 ක් තුර්කියේ රැඳී සිටින බව එරට අභ්‍යන්තර අමාත්‍යාංශ්‍ය සඳහන් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'ඔස්ට්‍රේලියාවට හොරෙන් පනින්න ගිය ශ්‍රී ලාංකිකයෙක් අත් අඩංගුවට ගනී' කියලා පුවතක් හෙට අනිද්දාට අහන්න ලැබේවි. මෙල්බර්න් අවුරුදු උත්සවේට ගෙන්නපු සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් පැනලා ගිහින්.
ඊළඟට ඉතින් පණ දමාගෙන හම්බ කරන අනෙකුත් ලාංකික වෘත්තිකයන්ගෙන් කකා බිබී ඉඳීවි. ඔස්ට්‍රේලියාවට කලාකරුවන් ගෙන්වනකොට බොහොම ප්‍රවේශම් නොවුනොත් ප්‍රශ්න ගොඩක්. විශේෂයෙන් තමන්ගේ තරුණ දුවරු මේ සංදර්ශන කාරයන් ලඟට සුහද ආගන්තුක සත්කාර සඳහා ඉදිරිපත් වෙනකොට බලාගෙන. සමහරු ගෙවල් වල නැවතිලා ආගන්තුක සත්කාර සමග එතනින් කසාද කරගෙන වීසා සෙට් කරගන්න හදන බව අපිට ආරංචියි.
ඔස්ට්‍රේලියාව පැනලා ජීවත් වෙන්න ඇතුලේ කාගෙන් හරි උදව්වක් ඇති.