
(අංජුල මහික වීරරත්න)
යුරෝපා සංගමයේ සාමාජික රටවල් වෙත සිදු කරනු ලබන කෘෂිකාර්මික ආහාර ද්‍රව්‍ය අපනයනය සඳහා පරීක්ෂණ හා ආහාර ආරක්ෂණ ක්‍රම වේදය විධිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
යුරෝපා සංගමයේ සාමාජික රටවල්, එම රටවල් විසින් ආනයනය කරනු ලබන ආහාරවල අන්තර්ගත විය හැකි පළිබෝධනාශක/අවශේෂ ප්‍රමාණ හෙවත් උපරිම අවශේෂ මට්ටම්' (Maximum Residue Levels) සම්බන්ධයෙන් පොදු ආරක්ෂණ නීතියකින් සම්බන්ධීකරණය වේ.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයේ රටවල් වෙත අපනයනය කරන ඇතැම් නැවුම් එළවළු සහ පළතුරු වල කෘෂි රසායන අවශේෂ ' උපරිම අවශේෂ මට්ටම් වලට ' වඩා ඉතා අවදානම් ලෙස වැඩි වී ඇති බව යුරෝපා කොමිසමේ නියෝජිතායතනයක් වන සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ නියාමන අධිකාරිය විසින් වාර්තා කර ඇත.
එබැවින්, යුරෝපා සංගමයේ රටවල් හා අනෙකුත් ආනයන රටවල් වෙත කෘෂිකාර්මික ද්‍රව්‍ය අපනයනය කිරීම ඉදිරියේදී අභියෝගාත්මක තත්ත්වයකට පත් වීම වැළැක්වීම පිණිස මෙරට අපනයන කෘෂි කාර්මික නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් පරීක්ෂණ හා ආහාර ආරක්ෂණ ක්‍රමවේද විධිමත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.
ඒ අනුව, ආරම්භක පියවරක් වශයෙන් යුරෝපා සංගමය වෙත අපනයනය කරනු ලබන සියලුම නැවුම් එළවළු සහ පළතුරුවල ගුණාත්මක භාවය සනාථ කිරීම සඳහා අවම වශයෙන් ශ්‍රී ලාංකීය යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (Sri Lankan Good Agricultural Practices - SLGAP) මාර්ගෝපදේශ අනුව සහතික කරණය ලබා ඇති ගොවිපොළ, ලියාපදිංචි අපනයනකරුවන් සහ සකස් කිරීමේ ඇසුරුම්හල් මඟින් පමණක් අදාළ අපනයනයන් සිදු කිරීම අනිවාර්ය කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd